• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවයි! කුඩු-පාතාලය තුරන් කරන ‘රටම එකට ජාතික මෙහෙයුම’ ගැන කරුණු කියයි! සහාය ඉල්ලයි! PHOTOS I Sri Lanka Latest News

October 24, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කර ගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බවත්, විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට ජාතික මෙහෙයුම’ පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවට එක් වෙමිනි.

මේ වන විට ජාතික ව්‍යසනයක් බවට පත්ව තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කර ගනිමින් බොහෝ අපරාධ සිදු වන බවටද නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන්ම පුළුල් මහජන සහභාගිත්වයක් සහිතව ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ එකී විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමිය යුතු බව හඳුනාගෙන ඇත.

එම ජාතික අරමුණ ළගා කර ගැනීම සඳහා ‘රටම එකට ජාතික මෙහෙයුම’ ක්‍රියාත්මක කෙරෙන අතර
පුළුල් ප්‍රචාරක ක්‍රියාවලියක් ඔස්සේ විෂ මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම එහි ප්‍රධාන වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කෙරේ. එම ප්‍රචාරක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ලබාගත හැකි දායකත්වය පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැදුණු අපරාධ කල්ලිවල මූල්‍ය බලය විසින් ආර්ථිකය, සමාජ දේහය, රාජ්‍ය යාන්ත්‍රණය සහ නීතියේ විධානයේ ආධිපත්‍ය පවා බිඳ වට්ටමින් රටත්, සමාජයත් විනාශ කරමින් තිබෙන බවයි. මෙම උවදුරට තවදුරටත් ඉඩ නොතැබීමට වත්මන් රජය තීරණය කර තිබෙන බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සියලු දෙනාගේ දායකත්වය අපේක්ෂා කරන බවද පැවසීය.

එමෙන්ම පසුගිය සමයේ දේශපාලන රශ්මි කදම්භය තුළ නිදැල්ලේ වර්ධනය වූ මෙම අපරාධ අද රටත් සමාජයත් දැඩිව වෙළාගෙන තිබෙන අන්දම සහ ඊට පොලිසිය, රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාරත්මේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ වගකිවයුතු ආයතනවලින් ලැබී ඇති සහාය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

නැවත එවැනි තත්ත්වයකට ඉඩ නොතබා අනාගත දරු පරපුර වෙනුවෙන් මෙම ජාතික ව්‍යසනය පරාජය කිරීමට සියලු දෙනා වෙත පැවරි ඇති අත්හළ නොහැකි වගකීම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

රටම එකට ජාතික මෙහෙයුම සමාරම්භය ඔක්තෝබර් 30 වන දින පෙ.ව 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද, රාජ්‍ය සහ පෞද්ගලික විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීහු සහ නියෝජිතයෝ, විනෝදාස්වාද කර්මාන්තයට අදාළ ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-10-23

SendShareShare
Previous Post

ලසන්තගේ ඝාතකයන් කවුද කියලා හොයාගෙන! පොලිස් ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Next Post

88-89 කාලයේ කරපු මිනීමැරුම්! පාර්ලිමේන්තුව ගිනි තියන්න කියපු කතා! මාලිමා මන්ත්‍රීටත් ගමේදී ගුටි කන්න වෙයිද? මරික්කාර් මේ කියන්නේ මොකද්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News
Exclusive

බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News
Exclusive

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්තාව හේතුවෙන් ලෝක තෙල් වෙළෙඳපොළේ මිල ගණන් දැඩි ලෙස උච්ඡාවචනය වෙමින් පවතින පසුබිමක, ඉන් ඇති විය හැකි...

Read more
බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News

බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.