ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා සමග පැවැති හමුව පිළිබදව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.Sri Lanka Latest News
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා සමඟ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡා පැවැත්වීමි.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වසර 70ක ආර්ථික සහ දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කළෙමු.
පසුගිය සමයේ සමුද්‍රීය ආරක්ෂණය, නීති විරෝධී වෙළෙඳාම, මිනිස් ජාවාරම්, ත්‍රස්තවාදය හා ආයුධ වෙළෙඳාම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ලබා දුන් සහාය ඇගයීමටද මෙය අවස්ථාවක් කර ගතිමි.
Sri Lanka Latest News










