• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති ලේකම් ගැන අනුර තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

May 25, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ඡන්දෙ කාලෙ අනුරට උඩ දදා ගහපු චමුදිත අද උදේ හිරු TV එකේ පත්තර කියවද්දී දිනපු අනුර ගැන කියන දේවල් බලන්න 35,000ක් ඇවිත්! පැය 7ක් ඇතුළත ලක්ෂ 4ක් බලලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සති දෙකේම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප අනාවරණ කළ විශේෂ තොරතුරක් වූයේ ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර ඇති දුරස්ථභාවය සමනය කරගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කුමාරසිංහ මහතා පත්කළ බවත්, එම පත්කිරීමෙන් පසු ජනාධිපතිවරයා දින තුනක්ම පිට පිට පාර්ලිමේන්තුවට පැමිණ ඔහුත් සමග දිස්ත්‍රික් මට්ටමින් සියලු මාලිමා මන්ත්‍රීවරු මුණගැසී සාකච්ඡා කිරීමට සහ ඔවුන් මුහුණ දෙන දුක්ගැනවිලිවලට සවන් දීමට කටයුතු කළ බවත්ය. එමෙන්ම මෙම පාර්ලිමේන්තු සම්බන්ධීකරණ තනතුර පත්කිරීම පසුපස ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ දිනවල ප්‍රබල චරිතයක් ලෙස කියැවෙන ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා වූ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සිටින බවද පසුගිය සතියේ අපි වාර්තා කළෙමු.Sri Lanka Latest News

මේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති යනු බණ්ඩාරවෙල ප්‍රදේශයේ උපත ලබා පසුව කොළඹට පැමිණ සරසවි අධ්‍යාපනය ලබා පරිපාලන ක්ෂේත්‍රයට එක්වූ අයෙකි. එමෙන්ම මේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පාර්ලිමේන්තුවේ ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියා ලෙස පත්කළ කුමාරසිංහද බණ්ඩාරවෙල ප්‍රදේශයේ උපත ලබා ඇති ප්‍රභාත්ගේ ගමේ අයකු බව කියැවේ. ඒ අනුව මේ දිනවල ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළේ යන කතාවක් වන්නේ හිටපු ජනාධිපති ලේකම් බාලපටබැඳි මහතාගේ කාලයට සමාන කාලයක් යළිත් වතාවක් උදාවී ඇතැයි කියාය. බාලපටබැඳි මහතා මාතර රාහුල විද්‍යාලයෙන් පැමිණි අයෙක් නිසා තනතුරු පිරවීමේදී එකල බොහෝ තැන්වල සිටියේ බාලපටබැඳි මහතාගේ සමකාලීනයන් වූ මාතර රාහුලයේ ආදි සිසුන්ය. ඒ ආකාරයට දැන් ජනාධිපති කාර්යාලයේ යන කතාවලින් කියැවෙන්නේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස පත්කිරීමත් සමග බණ්ඩාරවෙලට පොඩි ඇදීමක් තියෙනවා යැයි කියාය.

කෙසේ වෙතත් ප්‍රභාත් චන්ද්‍රකීර්තිගේ මැදිහත් වීමෙන් කුමාරසිංහ මහතා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකාරකවරයා ලෙස පත් කළ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අනාවරණ කොට දින කීපයක් ගතවෙද්දී සමාජ මාධ්‍යයේ ඉතා දැඩිව ගිය කතාවකින් කියැවුණේ ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතාට එම තනතුරෙන් ඉවත්වන ලෙසට දැනුම්දීමක් සිදුකොට ඇති බවකි. කුමානායක මහතාගෙන් හිස්වන ජනාධිපති ලේකම් ධුරය මේ කියන ප්‍රභාත් චන්ද්‍රකීර්ති හට ලබාදීමට නියමිත බවද සමාජ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කොට තිබිණි.

ජනාධිපතිවරයා සිය ජනාධිපති ලේකම් තනතුරට විශ්වවිද්‍යාල සමකාලීනයකු වූ නන්දික සනත් කුමානායක මහතා පත්කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් යුතුවය. විශ්වවිද්‍යාල සමයේ සිටම ජනාධිපතිවරයා සමග ඉතා සමීප හිතවත්කමක් තිබූ නන්දික ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වීමට පෙර රේගුවේ ඉහළ තනතුරක් දරමින් සිටියේය. නමුත් පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් යම් යම් ගැටලු තිබුණද, නන්දික සනත් කුමානායක යනු අතිශය පිරිසිදු, කිසිදු වංචාවක් නොකරන, වැදගත් මහත්මයකු ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය තුළ නමක් දිනාගෙන තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත්වීමත් සමග ඔහුට අතීතයේ සිටම පරිපාලනය සම්බන්ධයෙන් තිබූ හැකියාව සහ දක්ෂතාව මුල්කරගෙන කෙටි කාලයක් ඇතුළත ජනාධිපති ලේකම් කාර්යාලයේ බොහෝ පරිපාලන කටයුතු ඉතා කාර්යක්ෂම කිරීමට කටයුතු කොට ඇති බවක් ආරංචිය. ඒ බව කොතරම් දුරට තහවුරු වනවාදැයි කිවහොත්, ජනාධිපතිවරයා පවා රාජ්‍ය ආයතනවල ලේකම්වරුන් පත්කරද්දී බොහෝ දුරට ප්‍රභාත් චන්ද්‍රකීර්ති සමග සාකච්ඡා කොට එය කළ ආකාරයක් දැකගන්නට තිබිණි. ඒ අනුව පසුගිය සතියේ සමාජ මාධ්‍යයේ වාර්තා කොට තිබුණේ නන්දික සනත් කුමානායක ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කොට ඔහුව තානාපති ධුරයකට පත්කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවත්, ජනාධිපති ලේකම් ධුරය සඳහා ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බවත්ය. මෙම තොරතුරු වාර්තා වීමත් සමග කිසියම් පාර්ශ්වයකින් ප්‍රභාත් චන්ද්‍රකීර්තිට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීම ආරම්භ කොට තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.

ප්‍රභාත් චන්ද්‍රකීර්තිද වසර ගණනාවක් පුරා විවිධ ආණ්ඩු යටතේ රාජ්‍ය සේවයේ කටයුතු කළ අත්දැකීම් සපිරි නිලධාරියෙකි. වෙනත් ආණ්ඩු සහ අමාත්‍යවරුන් සමග සමීපව කටයුතු කළද, ඒ ඒ ආණ්ඩුවල විවිධ තනතුරු දැරුවද අතීතයේ සිටම අනුර කුමාර දිසානායක මහතා සහ පැලවත්ත සමග සමීප සබඳතාවක් චන්ද්‍රකීර්තිට තිබිණි. කෙසේ වෙතත් යම් යම් මාධ්‍යවල පළවන තොරතුරු දෙස බැලුවත්, එළියේ ප්‍රසිද්ධියේ කියැවෙන කතා දෙස බැලුවත් මේ වනවිට ජනාධිපතිවරයා සහ පැලවත්ත අතර කිසියම් මතගැටුමක් මතුව ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. දෙපාර්ශ්වය අතර යම් යම් කරුණු සම්බන්ධයෙන් ඒකමතිකභාවයක් නොමැති ආකාරය පැහැදිලිවම දැකගන්නට පුළුවන. ඒ අනුව ජනාධිපතිවරයා සහ පැලවත්ත අතර යම් සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට දක්ෂ අයකුගේ අවශ්‍යතාව බොහෝ දෙනාට සෑහෙන කලක සිට තිබිණි. නොඑසේ නම් දෙපැත්තම බැලන්ස් කළ හැකි ආකාරයේ චරිතයක් සිටිය යුතු බව බොහෝ දෙනාට වැටහී තිබිණි. අවංක සහ දක්ෂ පුද්ගලයකු වුවද සනත් නන්දික කුමානායක මහතා අතින් එම දෙපාර්ශ්වය බැලන්ස් කිරීමේ ක්‍රියාව සිදු නොවූ බව පැවැසේ. ඒ අනුව ප්‍රභාත් චන්ද්‍රකීර්තිව ජනාධිපති ලේකම් ධුරයට පත්කිරීමට තීරණය වී ඇත්තේ පැලවත්ත සහ අනුර අතර ඇති මේ දුරස්ථභාවය නැති කිරීමේ මැදිහත්කරුවකු ලෙසට බවද සමාජ මාධ්‍ය වාර්තා කොට තිබිණ.

දැනටමත් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට ඉතා ප්‍රබල රාජ්‍ය තනතුරු කිහිපයකටම දක්ෂම පුද්ගලයන් පත්කිරීමට සහ ඉවත් කිරීමට ක්‍රියාකාරී ලෙස මැදිහත් වී ඇති ආකාරයක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඊට ආසන්නතම උදාහරණය වන්නේ කොළඹ මහනගර සභාවේ කොමසාරිස් ධුරයය. මීට දින කීපයකට ඉහතදී කොළඹ මහනගර සභාවේ කොමසාරිස් ධුරය හිස් වීමත් සමග මාලිමාවේ නගරාධිපතිවරිය වන බල්තසාර් ඊට පරිපාලන සේවයෙන් පිට මහනගර සභාවේ ඉංජිනේරුවරයකු වැඩබලන කොමසාරිස්වරයා ලෙස පත්කිරීමට කටයුතු කොට තිබිණි. නමුත් ඊට ප්‍රභාත් චන්ද්‍රකීර්ති දැඩි විරෝධය පළකළ අතර, ඔහු දැඩිව කියා සිටියේ එය පරිපාලන සේවයේ තනතුරක් වන බැවින් ඊට පරිපාලන සේවයේ අයකුම පත්කළ යුතු යැයි කියාය. ඒ අනුව මේ වනවිට බල්තසාර් සිදුකළ පත්කිරීම වෙනුවට නාගරික කොමසාරිස් ධුරය සඳහා පරිපාලන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකු පත්කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

කෙසේ වෙතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයේ ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස්වීම, මහින්ද සමරසිංහගේ ඉල්ලා අස්වීමේ සූදානම සහ ජනාධිපති ලේකම් ධුරයේ වෙනස් වීමක් පිළිබඳ යන කටකතාව පිළිබඳ තොරතුරු වාර්තා කළේ මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ මේ සිදුවීම් පිළිබඳ ප්‍රබල කතාබහක් නිර්මාණය වී තිබීම නිසාය. නමුත් මේවා සිදුවීමට මෙන්ම සිදු නොවීමටද ඉඩක් ඇතිවා නොවේ. නමුත් අප ඒ සියල්ල වාර්තා කොට සිටින්නේ ආණ්ඩුව ඇතුළේ සිදුවන යම් යම් වෙනස්කම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කොට තිබිය යුතු වීම නිසාත්, ජනතාව ඒ පිළිබඳ දැනුවත්ව සිටිය යුතු නිසාත්ය.

කෙසේ වෙතත් මේ ආකාරයට කුමානායක මහතා සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ කටකතා පැතිර ගියද අපට ඇති තවත් විශ්වාසදායක ආරංචි මාර්ගයකින් කියැවෙන්නේ ජනාධිපතිවරයා කුමානායක මහතා සම්බන්ධයෙන් තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවකි. යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තිබුණද ජනාධිපතිවරයා සිය ලේකම්වරයා ඉවත් කරන ස්ථාවරයකට කිසිසේත්ම පැමිණ නොමැති බවක්ද එම විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් ‘රාජ්‍ය රහස්’ වෙත ආරංචිය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

බස්නාහිර ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම පසුපස පැලවත්තේ ගේමක්? අස්වීමේ ලියුම අස්සට සිංහල වචන දෙකක් රිංගවලාද?  I Sri Lanka Latest News

Next Post

මහබැංකු අධිපතිත් පනින්න වගේ යන්නේ..!  I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.