• About us
  • Contact us
Wednesday, July 1, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර-හරිනි-සජිත් ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේදී…!  PHOTOS I Sri Lanka Latest News

July 1, 2026
in Exclusive
Reading Time: 12 mins read
A A
අනුර-හරිනි-සජිත් ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේදී…!  PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් විය.Sri Lanka Latest News

පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී එල්නිනෝ (El Niño) තත්ත්වය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග සහ ව්‍යසන කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණ අතර ජාතික ආපදා ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ තීරණ රැසක්ද ගනු ලැබිණ.

එල්නිනෝ දේශගුණික රටාව හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි බලපෑම් පිළිබඳව විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිවරයා මේ වන විට පවතින පුරෝකථනයන් දත්ත මත පදනම්ව සහ මෙතෙක් කරන ලද පුරෝකථනයන් සමඟ කොතරම් දුරට සැසඳෙන්නේද යන්න පිළිබඳව නිලධාරීන්ගෙන් විමසා බැලීය.

විශේෂයෙන් එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා කෘෂී කර්මාන්තය පානීය ජල සැපයුම සහ බලශක්ති උත්පාදනය යන අංශයන්හි සූදානම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විශේෂ අවධානය යොමු කළේය.

එහිදී ජලය කළමනාකරණය කිරීමට රජය සතු සැලසුම් පිළිබඳ, කෘෂි කර්මාන්තයේදී මහ කන්නයේ වගා කටයුතු කලින් ආරම්භ කිරීම පිළිබඳවද සාකච්ඡාවට ලක් විය. එමෙන්ම වනජීවි කලාප තුළ ජලය හිඟ වීමෙන් වන සතුන්ට සිදු විය හැකි බලපෑම පිළිබඳව අවධානය යොමු වූ අතර ඒ වෙනුවෙන් වනජීවි කලාප තුළ පවතින වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස පරිසර අමාත්‍යාංශයට ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.

තවද ජල විදුලි උත්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ජලාශවල ජල ධාරිතාව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව සහ සූර්ය බලයෙන් නිපදවෙන බලශක්තිය ගබඩා කිරීම සඳහා අවශ්‍ය බැටරි ගෙන්වීමේ කටයුතු කඩිනම් කිරීමෙි අවශ්‍යතාව පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණය ආයතන කිහිපයක් හරහා විසිරී පවතින ආපදා කළමනාකරණ කටයුතු එක් මධ්‍යස්ථානයකට ගෙන ඒම සඳහා පසුගිය සභා වාරයන්හිදී සාකච්ඡා වූ යෝජනා අනුව සකස් වූ ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ කමිටු වාර්තාව මෙහිදී ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව 2005 අංක 13 දරන පනතේ පවතින ප්‍රතිචාරාත්මක (Reactive) ස්වභාවය වෙනුවට, ආපදාවන් වළක්වා ගැනීමට ප්‍රමුඛතාව දෙන නව නීතිමය රාමුවක අවශ්‍යතාව පෙන්වා දෙනු ලැබීය.

තවද ජාතික සභාවට අමතරව, ආරක්ෂක ලේකම් සහ ආපදා කළමනාකරණ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් පාලක මණ්ඩලයක් සහ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටද මෙහිදී යෝජනා වූ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) ඒකාබද්ධ කර එම සේවා වඩාත් කාර්යක්ෂම කිරීමට යෝජනා විය.

පසුගිය රැස්වීමේදී සාකච්ඡා වූ රක්ෂණ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) හරහා සිදුවන රක්ෂණ ක්‍රියාවලියේදී රජය රක්ෂණ වාරික ගෙවන නමුත්, ආපදාවකදී රජයට ලැබෙන ප්‍රතිලාභවල පවතින අසමතුලිතතාවය පෙන්වා දුන්නේය. එබැවින් රටක් ලෙස විද්‍යාත්මක පදනමක් මත රක්ෂණාවරණයක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.

තවද ඉඩම් සහ පදිංචිය සනාථ කර වන්දි ගෙවීම දිට්වා ව්‍යසනය හමුවේ වන්දි ගෙවීමේදී ඉඩම් ඔප්පු නොමැති පවුල්වලට වන්දි ගෙවීමට නොහැකි වීමේ ගැටළුවට විසඳුමක් ලෙස, නිලධාරීන් මගින් පදිංචිය සනාථ කර වන්දි ගෙවීම සඳහා සැලැස්මක් සකස් කර ඇති බවත් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මෙහිදී අනාවරණය විය.

එමෙන්ම, දැනට පවතින සංකීර්ණ ඉඩම් නීති (පනත් 5ක් පමණ) සමාලෝචනය කර එක් ඒකාබද්ධ ඉඩම් පනතක් ගෙන ඒමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය විය.

එසේම නාය යෑම් අවදානමට ලක්ව ඇති පවුල් සහ විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් නැවත පදිංචි කිරීම සඳහා වසර හතරක කාලසීමාවකට යටත් විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ සඳහා සුදුසු ඉඩම් හඳුනාගෙන අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට ප්‍රමුඛතාව දිය යුතු බව ද අවධාරණය කරන ලදී.

මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා , ආපදා කළමණාකරණය සහ දේශගුණික ඔරොත්තු දීම පිළිබඳව දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය මඟින් සකස් කළ යෝජනා සභාවට ඉදිරිපත් කළ අතර එමෙන්ම ආපදා කළමණාකරණය සඳහා විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා, දැනට පවතින පනත සංශෝධනයේදී එම යෝජනා සළකා බැලීම සඳහා පාර්ලිමේන්තු කමිටුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

මීට අමතරව මුදා ගැනීමේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ හෙලිකොප්ටර් පහසුකම් වර්ධනය කිරීම, ප්‍රාදේශීය මට්ටමින් බෝට්ටු, ට්‍රැක්ටර් ආදි ආපදා මෙවලම් නඩත්තු කිරීම ප්‍රාදේශීය සභා වෙත පැවරීම සහ පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් ආපදා මෙහෙයුම් මධ්‍යස්ථාන ශක්තිමත් කිරීමට මෙම සාකච්ඡවේදී තීරණය කෙරිණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර යන මහත්ම මහත්මීහු, අමාත්‍යවරු, පළාත් ආණ්ඩුකාරවරු, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඇතුළු ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේ සාමාජිකයෝ මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-06-30

SendShareShare
Previous Post

බොරු කියලා බොරු කියලා ගොවියන්ගෙ කරමතින් බලයට ආපු ලාල්කාන්තලා අද ගොවියන්ට අපහාස කරන තැනට වැටිලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරු කියලා බොරු කියලා ගොවියන්ගෙ කරමතින් බලයට ආපු ලාල්කාන්තලා අද ගොවියන්ට අපහාස කරන තැනට වැටිලා! VIDEO I Sri Lanka Latest News

යළ කන්නයේ වී ගැන ඇහුවාම ලාල්කාන්තට කේන්ති ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියො රජවරු කියන්නෙ ‘පචයක්’! ලාල්ගෙන් තව එකක්! VIDEO I Sri Lanka Latest News

IMF එකෙන් ඉන්දියාවට සහතිකයක්!
Exclusive

යුද්ධයත් එක්ක ලංකාව වැඩ කරපු විදිහ ගැන IMF එක සතුටෙන්! අර්බූදයෙන් ගොඩඑන්න දිගටම IMF එක්ක ඉන්න කියයි! I Sri Lanka Latest News

හාල් මිල වැඩියි! සමහර හාල් වර්ග නෑ! ආපහු හාල් රටින් ගේනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

දෙනවා කියපු 150 ඒවා නෑ! නාඩුවලට දෙන්නෙ 120යි! වසන්ත වී මිල එළියට දමයි! I Sri Lanka Latest News

ජාතික ලොතරැයි මණ්ඩලේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා අල්ලස් කොමිසමෙන් අල්ලයි!  Sri Lanka Latest News
Exclusive

ශ්‍යාමිලාත් ඇප අරන් එළියට ආවා! I Sri Lanka Latest News

සේවකයෙක්ට කැත විදිහට ගහපු ‘මිස්ටර් කොත්තු’ පොලිසියට බාරවෙයි! අද උසාවි දානවා! I Sri Lanka Latest News
Exclusive

සේවකයකුට ගහපු සිද්ධියට ඇප අරන් එළියට ආපු ‘මිස්ටර් කොත්තු’ වෙච්ච දේට ලංකාවෙන්ම සමාව ඉල්ලයි! ඒක මගෙන් වෙච්ච වැරැද්දක්! VIDEO I Sri Lanka Latest News

Load More
අනුර-හරිනි-සජිත් ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේදී…!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර-හරිනි-සජිත් ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේදී…!  PHOTOS I Sri Lanka Latest News

ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් විය.Sri Lanka Latest News පක්ෂ විපක්ෂ...

Read more
‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරු කියලා බොරු කියලා ගොවියන්ගෙ කරමතින් බලයට ආපු ලාල්කාන්තලා අද ගොවියන්ට අපහාස කරන තැනට වැටිලා! VIDEO I Sri Lanka Latest News

යළ කන්නයේ වී ගැන ඇහුවාම ලාල්කාන්තට කේන්ති ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

ගොවියො රජවරු කියන්නෙ ‘පචයක්’! ලාල්ගෙන් තව එකක්! VIDEO I Sri Lanka Latest News

IMF එකෙන් ඉන්දියාවට සහතිකයක්!

යුද්ධයත් එක්ක ලංකාව වැඩ කරපු විදිහ ගැන IMF එක සතුටෙන්! අර්බූදයෙන් ගොඩඑන්න දිගටම IMF එක්ක ඉන්න කියයි! I Sri Lanka Latest News

හාල් මිල වැඩියි! සමහර හාල් වර්ග නෑ! ආපහු හාල් රටින් ගේනවා! PHOTOS I Sri Lanka Latest News

දෙනවා කියපු 150 ඒවා නෑ! නාඩුවලට දෙන්නෙ 120යි! වසන්ත වී මිල එළියට දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.