• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අග්නිදිග ආසියාවේ විශාලතම විහාරස්ථානයක් වූ බායි ඩින් බෞද්ධ විහාරස්ථානය වැඳ පුදා ගැනීමට අනුර යයි! වියට්නාම් ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්! PHOTOS I Sri Lanka Latest News

May 4, 2025
in Exclusive
Reading Time: 17 mins read
A A
අග්නිදිග ආසියාවේ විශාලතම විහාරස්ථානයක් වූ බායි ඩින් බෞද්ධ විහාරස්ථානය වැඳ පුදා ගැනීමට අනුර යයි! වියට්නාම් ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (04) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථානවලින් එකක් වන බායි ඩිං (Bai Dinh) විහාරස්ථානයට පැමිණ වැඳ පුදා ගනිමින් ආශීර්වාද ලබා ගත්තේය.Sri Lanka Latest News

ශ්‍රී ලංකා සහ වියට්නාම් ජාතික ධජ අතැතිව වියට්නාම් ජනතාව එහි පිවිසුම් දොරටුව අසලදී ජනාධිපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

විහාරස්ථාන භූමියේ සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැක බලා ගැනීමට මඟ දෙපස විශාල පිරිසක් රැස්ව සිටි අතර ඔවුහුද දෙරටේ ජාතික ධජ ලෙලවමින් සිය ආචාරය පිළිගැන්වූහ.

ජනාධිපතිවරයා විහාරස්ථානයේ ප්‍රධාන බුද්ධ මන්දිරය වෙත පැමිණ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව, භික්ෂුන් වහන්සේලා විසින් සෙත්පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කරනු ලැබිණ.

අනතුරුව, ජනාධිපතිවරයා විහාරස්ථාන භූමියේ පිහිටි ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගත් අතර, මෙම බෝධීන් වහන්සේ 2023 වසරේදී බායි ඩිං (Bai Dinh) විහාරස්ථාන භූමියේ රෝපණය පිණිස ශ්‍රී ලංකාවෙන් පූජා කරන ලද අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ ශාඛාවකි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ තාක්ෂණික මඟ පෙන්වීම යටතේ බෝධීන් වහන්සේ වටා ඉදි කරන ලද ප්‍රාකාරයද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙහිදී විවෘත කරන ලදී. .

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විහාරස්ථාන පරිශ්‍රයේ සල් ශාකයක් රෝපණය කළ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සවි කර ඇති පුවරුවද නිරීක්ෂණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විහාරාධිපති හිමියන් වෙත සිහිවටන තිළිණයක්ද පිළිගන්වනු ලැබීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු දූත පිරිස මෙම අවස්ථාවට එක්වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-05-04

SendShareShare
Previous Post

නවක වදයෙන් සියදිවි නසාගත් සිසුවාගේ සිද්ධියට සබරගමු සරසවියේ සිසුන් 4 දෙනෙක් CIDයෙන් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

Next Post

ලක්ෂ 3ක් ආවා මාලිමා මැයි රැළියට! ඒ වුණාට මම දන්නෙ නෑ හරියටම ආපු ගණන! ආවා.. ආවා.. තව එකක් එළියට ආවා..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.