• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතික නබි සැමරුමට අනුර අම්බලන්ගොඩ මැලේ ගම්මානයට යයි! PHOTOS I Sri Lanka Latest News

September 6, 2025
in Exclusive
Reading Time: 40 mins read
A A
ජාතික නබි සැමරුමට අනුර අම්බලන්ගොඩ මැලේ ගම්මානයට යයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ අම්බලන්තොට, මැලේ කොලනි ගම්මානයේ, මස්ජිදුල් අරූසියා ජුම්මා මස්ජිද් පරිශ්‍රයේදී පැවැත්විණි. Sri Lanka Latest News

බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉස්ලාම් ආගමික නායක මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය නිමිති කොට ගෙන මෙම ජාතික උත්සවය සංවිධාන කර තිබු අතර ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු සියලු ආගම්වලට අයත් ජනතාවගේ  සහයෝගය සහ දායකත්වය ඊට හිමි වීම විශේෂත්වයකි.

2025 ජාතික මීලාද් – උන් – නබි සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර  හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතික හා ඓතිහාසික වටිනාකම සම්බන්ධයෙන් සම්පාදනය කෙරණු “හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවගේ ඉතිහාසය සහ වර්ධනය” ග්‍රන්ථයද පිළිගැන්විණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල ඉගෙනුම ලබන ජාති භේදයකින් තොරව සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා පවත්වන ලද චිත්‍ර තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීමටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් විය.

2025 ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවය සඳහා සහභාගී වීම නිමිත්තෙන් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වුණු අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව සහ මුස්ලිම් ජුම්මා පල්ලියේ දායක සභාව විසින්ද ජනාධිපතිවරයා වෙත විශේෂ සිහිවටන තිළිණයක් පිළිගන්වන ලදී.

මෙම උත්සව සභාව ඇමතූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ හජ් වන්දනා කෝටාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට අදාළ සාකච්ඡා මේ වන විට සිදු කරන බවයි. ඒ අනුව මෙරට ඉස්ලාම් බැතිමතුන්ට හජ් වන්දනාව සඳහා වැය කිරීමට සිදුව ඇති මුදල අඩු කර ගැනීමට සහ වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ  ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලුදෙනාගේ පවුල් වෙත ජනාධිපතිවරයා ඇතුළු රජයේ සංවේගය පළ කිරීමටද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.

මෙහිදි අදහස් දැක්වූ සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනිර් මුලෆ්ෆර් මහතා සඳහන් කළේ සාමය, එකමුතුකම සහ එකිනෙකාට ගරු කිරීම නබි නායකතුමාගේ මගපෙන්වීම බවයි.

සියලු ජනතාව අතර සාමය සහ සංහිදියාව ගොඩනැගුණු ලස්සන රටක් වත්මන් රජයේ අපේක්ෂාව බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා 2025 ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීමට ප්‍රදේශවාසින්ගෙන් විශාල දායකත්වයක් ලැබුණු බව සිහිපත් කළ අතර මෙම එකමුතුභාවය ලස්සන රටක් පිළිබඳ විශ්වාසය තහවුරු කරන බවද සඳහන් කළේය.

මහා සංඝරත්නය සහ ආගමික නායකයන්ද, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි,  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නිහාල් ගලප්පත්ති යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. පී. සේනාධීර,  මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම්. නවාස් යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරිහු, විදෙස් තානාපතිවරු, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

2025-09-05

SendShareShare
Previous Post

මාලිමාව විවේචනය කරන ‘බයිතක්සලාවේ’ ඉරාජ්ටයි-මිලින්දටයි තර්ජන! දෙන්නාගේම ගෙවල්වලට නාඳුනන කට්ටියක් ඇවිල්ලා! මේ හදන්නේ මාධ්‍ය බය කරන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

යුද්ධ කරපු රණවිරුවන්ට නඩු ගොනු කරන්න ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවන්න තීන්දු කරලා! මේ හදන්නේ රණවිරුවන්ගේ බෙල්ල ජිනීවා තොණ්ඩුවේ හිර කරන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.