පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කළේය.(Sri Lanka Latest News)
ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදී අද (26) පැවැති සාකච්ඡාවකදීය.
විදුලිබල අමාත්‍යාංශය සදහා ඉන්දියානු ආධාර මත ලැබී තිබෙන සූර්ය පැනල කඩිනමින් පිරිවෙන් 800 සදහා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද එම සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා විදුලිබල අමාත්‍යාංශය මගින් සකස් කරන ලද මාර්ග සිතියමක් හරහා එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.













