රාජ්‍ය ආයතනවලින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප හා පණිවුඩ යොදා ගැනීමේදී පූර්ව ලිඛිත අවසරයක් ලබාගත යුතු බව දැනුම් දී තිබේ. (Sri Lanka Latest News)
ඒ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිපි යොමු කරමිනි.
රජයේ ප්‍රතිපත්තීන්ට හා ඉදිරි දැක්මට අනුකුල වීම සඳහා ප්‍රශස්තව රාජ්‍ය මූල්‍ය පරිහරණය කිරීම වෙනුවෙන් එම තීරණය ගෙන තිබේ.
ඒ අනුව අග්‍රාමාත්‍යවරියගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේදී අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගත යුතුය.
අමාත්‍යවරුන් වෙනුවෙන් අදාළ අමාත්‍යාංශයෙන් අවසර ගත යුතු බව, අග්‍රාමාත්‍ය ලේකම්වරයා දැනුම් දෙයි.










