විදෙස් සේවයේ දේශපාලන පත්වීම් මත ලබා දී ඇති සියලු පත්වීම් යළි කැදවිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කොට ඇත.Sri Lanka Latest News
මේ වනවිට විදෙස් සේවය සදහා පත් කර ඇති නිලධාරින්ගෙන් බහුතරයත් හිටපු මැතිඇමැතිවරුන්ගේ ඥාතීන් වන අතර ඔවුන්ට කිසිදු රාජ්‍යතාන්ත්‍රික පලපුරුද්දක් නොමැති බවත්, සම්පූර්ණයෙන්ම දේශපාලන හිතවත්කම් මත පත් කොට ඇති බවත් අනාවරණය වී තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත දේශපාලන හිතවත්කම් මත ලබා දී ඇති සියලු පත්වීම් අවලංගු කිරීමටත්, ඔවුන් යළි මෙරටට කැදවීමටත් ජනාධිපතිවරයා තීන්දු කොට ඇත.










