ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය මුල්ම විදෙස් සංචාරය සනිටුහන් කරමින් ඉන්දියාවට යෑමට නියමිත බව වාර්තා වේ.
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සිකුරාදා (04) දිනයේදී දිවයිනට පැමිණි අතර, එහිදී පළමුව ඉන්දීය සංචාරයක නිරත වන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කිරීමට නියමිතව තිබූ බව දැනගන්නට තිබිණි
ඒ අනුව, ජනාධිපතිවරයා ඉන්දියාවේ ආරාධනාව පිළිගනිමින් පළමුව ඉන්දියාවට ගොස්, එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.










