• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර විහාර දේවාලගම් පනත වෙනස් කරයි! භික්ෂූන් වහන්සේලාගේ විනය රකින්න ‘ධර්මාධිකරණය’ යළි පිහිටුවයි!  I Sri Lanka Latest News

May 27, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ත්‍රි’මලේ සිද්ධියට ආණ්ඩුවට බැනලා අනුරට ලියුමක් ලියපු ඉත්තෑපානේ හාමුදුරුවෝ ජනාධිපති කාර්යාලයටම ගිහින් අනුරව හමුවෙයි! ආශීර්වාද කොට පිරිත් පිරිත් නූලකුත් බඳියි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීමට ගරු කරමින්, 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.Sri Lanka Latest News

භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය සහිත ‘ධර්මාධිකරණයක්’ නැවත පිහිටුවීම සඳහා මෙම පියවර ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී අද (27) පස්වරුවේ ආරම්භ විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ධර්මාධිකරණයක් පිහිටුවීම සඳහා ත්‍රෛනිකායික මහා නායක හාමුදුරුවන් වහන්සේගේ නියෝජනයත්, නීතිපතිතුමත් සහ රජයේ පාර්ශවේ නියෝජනයත් ඇතිව පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරු අවසන් එකඟතාවයකට පැමිණ ඇති බවය.

ඒ අනුව, ඉතා ඉක්මනින් සංඝ සංස්ථාව විනයධරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍යවන නීති සම්පාදනය කර දීමට අවශ්‍ය කටයුතු සිදුකරණ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

“අපේ සෝභිත මාහිමිපාණන් වහන්සේ මගෙන් ඉල්ලා සිටියා, යමක් නැසෙන්න, ඒ තුළින්ම උපදවිය හැකි අනතුරක් තිබෙන බව. උන්වහන්සේ ඒක තිබෙන බව දැක්කා. දැකලා මගෙන් ඉල්ලුවේ මොකක්ද? 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනතේ එහි 41 සහ 42 වගන්තිය සංශෝධනය කරන්න කියලා. නැවත ධර්ම අධිකරණය සඳහා තමන්ගේ හාමුදුරුවන් වහන්සේලාගේ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තිබෙන බලය ලබාදෙන්න කියලා. විශේෂයෙන්ම මේක අපෙත් ත්‍රෛනිකායික මහා නායක හාමුදුරුවන් වහන්සේලා විසිනුත් මා වෙත ලිඛිතව ඉල්ලීමක් කරලා තිබුණා නැවත මෙම 41 සහ 42 වගන්ති සංශෝධනය කරලා දෙන්න කියලා. 

අපේ කැබිනට් මණ්ඩලයේ 41 සහ 42 වගන්ති සංශෝධනය කිරීම සඳහා අපේ ඇමතිතුමා විසින් සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කරා. කැබිනට් මණ්ඩලය එකඟතාවය පළ කළා. ඒ අනුව සංශෝධනය සකස් කරා. සාමාන්‍යයෙන් අපි ඕනෑම පනතකට, ව්‍යවස්ථාවකට ගෙන එන සංශෝධනයක්, අපේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතියට ලක්විය යුතුයි. මොකද ඔවුන් තමයි බලන්නේ මේ නීතිය පැනවීම, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවාද කියලා ඔවුන් වග විභාගයට ලක් කරනවා.

මේ නීතිය පැනවීම අපේ මූලික නීතීන් එක්ක ගැටෙනවාද කියලා ඔවුන් වග විභාගයට ලක් කරනවා. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව විසින් යම් යම් සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරලා තිබුණා. පසුගියදා අපේ අස්ගිරි මල්වතු සියම් නිකායේ පාර්ශවයන් වගේම, රාමඤ්ඤ මහා නිකායත්, අමරපුර මහා නිකායේ ලේඛාධිකාරී හාමුදුරුවන් වහන්සේලා සහ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමත් සමග නීතිපතිතුමා සමඟ සාකච්ඡා පවත්වන්න මම යොදලා දුන්නා. ඒ නීතිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව අපේ හාමුදුරුවන් වහන්සේලා මට කිව්වා ඉතාම සුහදව පැවතුනු බවත්, අපි අවසන් එකඟතාවයකට එළඹීමට හැකියාව ලැබුණු බවත්.

ඒ නිසා අපෙත් ත්‍රෛනිකායික මහා නායක හාමුදුරුවන් වහන්සේලාගේ නියෝජනයත් නීතිපතිතුමත් එක්ක කරන ලද සාකච්ඡාව සාර්ථක වී තිබෙනවා. අපි දැන් ඒක අවසන් අදියරේ තිබෙන්නේ. අපි ඉතා ඉක්මනින්ම ඔබ වහන්සේලාට සංඝ සංස්ථාව විශේෂයෙන්ම විනයධරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන නීති සම්පාදනය කරලා දෙන්නම්.”

SendShareShare
Previous Post

‘හරිනි’ ගැන හරිනිගේ කාර්යාලයෙන් හදිසි නිවේදනයක්!  I Sri Lanka Latest News

Next Post

මව්රට කියපු තුන්වැනි කතාවත් හරි! IMF එකෙන් ඩොලර් මිලියන 700ක ණය මුදල ලංකාවට ලැබුණා! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.