• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් කැඳවයි! උපදෙස් මාලාවක් නිකුත් කරයි! PHOTOS I Sri Lanka Latest News

August 25, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.Sri Lanka Latest News

නාගරික සහ ග්‍රාමීය නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති, නාගරික සංවර්ධන ව්‍යාපෘති, නගර සැලසුම් ව්‍යාපෘති, කසළ කළමනාකරණ සහ පරිසර ආරක්ෂණ ව්‍යාපෘති, ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘති ආදිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙම අංශවලට අදාළව දිවයිනේ සෑම පළාතකම ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය විමසා බැලිණි.

විශේෂයෙන්, පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමඟ නතර වූ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමේදී සහ ආරම්භ කළ ව්‍යාපෘති පවත්වාගෙන යාමේදී මතු වී ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කෙරුණු අතර, මේ වසරේදී ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. රජය නිසි පරිදි අදාළ අමාත්‍යාංශ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කර තිබියෙදී ඒවා නිශ්චිත කාලයක් තුළ නිසි පරිදි උපයෝජනය නොවන්නේ නම් එය ගැටලුවක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම්වලදී මෙන්ම, නාගරික සැලසුම්කරණයේදීද අදාළ ප්‍රදේශයේ ජනතා අදහස් සහ වුවමනාවලට ප්‍රමුඛත්වය දීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ආණ්ඩු තම හිතුමතේ සිදු කර ඇති ඉදිකිරීම් නිසා මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල භාවිතයට නොගන්නා සහ ඌණ-උපයෝජනයක් සහිත රජයේ ගොඩනැගිලි ඉදි වී ඇති බව පැවසීය.

පසුගිය කාලයේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ කළ පාලම් ව්‍යාපෘති 18ක් අතරමඟ අතහැර දමා තිබෙන බවත්, එම ඉදිකිරීම් නිසා තාවකාලිකව භාවිතා කරන මාර්ග මේ වන විට මඩවගුරු බවට පත්වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මහත් පීඩාවට පත්ව ඇති බවත් මෙහිදී අනාවරණය විය. එම ව්‍යාපෘතිවලට අදාළ ඉදිකිරීම් අවසන් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා අවම වශයෙන් අත්‍යවශ්‍ය පාලම් 05ක ඉදිකිරීම් මේ වසරේ අවසන් කිරීමට කටයුතු කරන ලෙසට උපදෙස් දුන්නේය.

විශේෂයෙන්, චීන සහ ඉන්දියානු ණය ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, උතුරු සහ නැගෙනහිර නැවත පදිංචිකිරිම්වලට අදාළ නිවාස ව්‍යාපෘති මේ වසරේ අවසන් කිරීමට හැකි බවට නිලධාරීහු මෙහිදී අපේක්ෂා පළ කළහ.

මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින “හෝමාගම ටෙක් සිටි” ව්‍යාපෘතියට අදාළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ “පොළොන්නරුව පරිපාලන සංකීර්ණයේ” ඉදිකිරීම් කටයුතු සහ “සිටි බ්‍රෑන්ඩින්ග් ව්‍යාපෘතියේ” වත්මන් තත්ත්වය පිළිබඳවද මෙහිදී විමසා බැලිණි.

දැනට නාගරික ජනතාව වෙත ලබා දී ඇති මහල් නිවාස ඔවුන් වෙත පවරා දීමේදී මතු වී ඇති ගැටලු පිළිබඳවද සාකච්ඡා කෙරණු අතර, අබලන් නිවාස ඔවුන් වෙත පවරා දීම වෙනුවට, ඒවා ප්‍රතිසංස්කරණය කර ලබා දීමේ වැදගත්කමත්, එසේ ලබා දුන් පසු ඒවා නඩත්තු කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම, අර්ධ නාගරික ප්‍රදේශවල මහල් නිවාස ව්‍යාපෘති සඳහා එම ප්‍රදේශවල ජනතාවගේ ඇති ඉල්ලුම සහ කැමැත්ත පිළිබඳ සොයා බැලීම සඳහා සමීක්ෂණයක් සිදු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ඉඩම් අත්පත් කරගැනීම්වලට අදාළ ගෙවීම් කටයුතුවලදී මතුව ඇති නීතිමය ගැටලු පිළිබඳව මෙහිදී නිලධාරින් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලද අතර එම ගැටලුවලට ලබා දිය හැකි විසදුම් පිළිබඳ යෝජනා සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.

රජයේ නිවාස ව්‍යාපෘතිවලින් දැනට ප්‍රතිලාභ නොලබන, එහෙත්, ප්‍රතිලාභ ලැබිය යුතු ජනතාව වෙනුවෙන් රජයේ මැදිහත්වීම සහිත ක්‍රමවේදයක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඒ පිළිබඳ බැංකු සමඟ සාකච්ඡා කර රජයේ දායකත්වයද සහිත ක්‍රමවේදයක් සකස් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

කසළ කළමනාකරණ සහ පරිසර ආරක්ෂණ ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, වේරැස් ගඟ ව්‍යාපෘතිය, කොළොන්නාව වැසි ජල ව්‍යාපෘතිය ඇතුළු ගංවතුර සහ ආපදා තත්ත්ව වැළැක්වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය විමසා බැලිණි.

මෙහිදී නිලධාරීන් සඳහන් කළේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ සහාය ඇතිව එම ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක වන බවයි. ගංවතුර ඇතුළු හදිසි අවස්ථාවලට මුහුණ දීමේ පූර්ව සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘති යටතේ යාපනය, මහකොළඹ, මහනුවර, අනුරාධපුරය සහ කළුතර ආදී ප්‍රදේශවල ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවද සාකච්ඡා විය.

පසුගිය රජයන් යටතේ ජල සැපයුම් ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් ගෙන්වා, විවිධ ප්‍රදේශවල අතහැර දමා තිබෙන ජල නළ උපයෝගී කර ගනිමින් ග්‍රාමීය ප්‍රදේශවල ජල සැපයුම් විධිමත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශය යටතේ ඇති ආයතන යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවත්, විශේෂයෙන්, රජයේ මැදිහත්වීම සහිත ඉදිකිරීම් සඳහා උපදේශන සේවාවක් ඇති කිරීමේ අවශ්‍යතාවත් සාකච්ඡාවට බඳුන් කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුද, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-08-25

SendShareShare
Previous Post

රනිල් අත්අඩංගුවට ගත් එකට හෙට කොටුව උසාවිය අසලට එන්න! සජබ නලින් බණ්ඩාර ජනතාවගෙන් ඉල්ලීමක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල්ව බෙල්ල මුලටම හිරකරයි! ආණ්ඩුවට සහාය දෙන්න වසන්ත මුදලිගේලාගෙන් කොන්දේසි 3ක්! I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News
Astrology

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යනතුරුම අපේ අතින් අත හැරෙන්නේ නැති, අපේ ජීවිතයේ සමීපතම සෙවණැල්ල බවට පත්ව ඇති...

Read more
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.