ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ ‘එක්ස්’ සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවා තිබෙනවා. Sri Lanka Latest News
x සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් ඊශ්‍රායලයට දොස් නගමින්, ‘පෝස්ට්’ පළ කළ නිසා බවයි පැවසෙන්නේ.
ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලයට දොස් නැගුවේ ඊශ්‍රායලය ඉකුත් සති අන්තයේ ඉරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරය හේතුවෙන්. ඊශ්‍රායලය එම මිසයිල ප්‍රහාරය එල්ල කළේ, ඉරානය පසුගිය පළමු වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු වශයෙන්. කමේනී ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාරයක් එල්ල කරන බවට මේ වනවිට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙනවා.









