ආර්.එෆ්.එම්. සුහෙල් – නුවරඑළිය
හැටන්, කුඩාගම ප්‍රදේශයට අයත් චිත්තරවත්ත 24 කොටස ප්‍රදේශයේ තිබී මියගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් සොයාගෙන ඇත.Sri Lanka Latest News
ප්‍රදේශයේ තරුණයන් පිරිසක් උදෑසන දිය නෑම සඳහා ඇළ මාර්ගයක් වෙත යන අවස්ථාවේදී, මාර්ගය අසල වැටී සිටි මෙම හඳුන් දිවියා දැක තිබේ.
පසුව ඔවුන් මේ පිළිබඳව හැටන් පොලිසිය දැනුවත් කිරීමට පියවර ගත් අතර, පොලිසිය විසින් නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් වෙත ඒ පිළිබඳව දැනුම් දී ඇත.
මිනිසුන් ගමන් ගන්නා අඩිපාරක් මැද මෙම සත්වයා මියගොස් සිටියද, මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වනජීවී නිලධාරීහු පවසති. සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිතය.
මෑතක සිට මෙම ප්‍රදේශයේ කඳුකර කොටියන් සහ හඳුන් දිවියන්ගේ සැරිසැරීම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මීට පෙරද මෙම ප්‍රදේශයේ නිවසකට කඳුකර කොටියෙකු පැමිණ සුනඛයෙකු ඩැහැගෙන යාමට උත්සාහ කළ පුවතක් ද වාර්තා විය. වන සතුන් මෙලෙස ජනාවාස ආසන්නයට පැමිණීම පිළිබඳව ප්‍රදේශවාසීන් දැඩි අවධානයෙන් පසුවෙති.














