පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඊයේ (21) ඉවත් කෙරිණ.Sri Lanka Latest News
අමාත්‍යවරයා කළ ඉල්ලීමක් අනුව එසේ ඉවත් කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මහාචාර්ය තනතුරක් දැරුවද දැනට තමා විශ්ව විද්‍යාල සේවයේ නැති හෙයින් එම නාමය පාවිච්චි නොකරන බවයි.
පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවලද තමාගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවිය සඳහන් නොවන බව ප්‍රකාශ කළ අබේසේන මහතා කිසිදු නිල ලියකියවිල්ලක තමා මහාචාර්ය පදවිය සඳහන් නොකරන බව ප්‍රකාශ කළේය.
– Lankadeepa










