අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් මහ ගංවතුර තත්ත්වයක පවතින බව වාර්තා වෙයි. Sri Lanka Latest News
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්. පී. සී සුශීෂ්වර මහතා පැවසුවේ මේ හේතුවෙන් ජනතාව වඩාත් විමසිල්ලෙන් පසුවිය යුතු බවය.
“ගම්පහ දිස්ත්‍රික්කය හරහා ගලාබසින අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා සැලකියයුතු ලෙස විශාල මට්ටමේ ගංවතුරක් සඳහා මේ වනවිටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පහත්බිම්වලට මේ ගංවතුර තර්ජනය තවදුරටත් තිබෙනවා.”
“දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇළ, කටාන සහ වත්තල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට පවතින ගංවතුර තත්ත්වය අද දිනය පුරාමත් පවතිනු ඇත.”
“පහළ ප්‍රදේශවලදී පවතින ගංවතුර තත්ත්වයන් තවදුරටත් සුළු වශයෙන් වර්ධනය විය හැකි බවත් සඳහන් කරන්න කැමතියි.”










