සේවක අර්ථ සාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල මත නව අධිභාර බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යංශය ගෙන තිබෙන තීරණයට විරෝධය දැක්වීමට ඇමතිවරු රැසක් සූදානමින් සිටින බව වාර්තා වේ.
පෙබරවාරි 14 වන දා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මුදල් අමාත්‍යවරයාගේ මෙම තීරණයට දැඩිව සිය විරෝධය පළ කිරීමට මෙම අමාත්‍යවරු තීරණය කර තිබෙන බව පැවසේ.
මේ වන විටත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සේවක අර්ථ සාධක අරමුදලට අත තබනවාට සිය විරෝධය පළ කර තිබේ.
එමෙන්ම වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුද සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අමුදලට අත තබනාවට විරෝධය පළ කිරීමට නියමිත බව පැවසේ.










