වෛද්‍යවරුන් සිය පියාගේ කොරෝනා ආසාදන තත්ත්වයට ටොසිලිසුමාබ් නමැති ඖෂධය ලබා දෙන ලෙස දැනුම් දුන්නද එම ඖෂධය සොයා ගැනීමට නොහැකි වීමෙන් වෛද්‍යවරුයකු වන සිය පියා මියගිය බව රොහාන් ජයසිංහ මහතා කියා සිටියේය.
රාජ්‍ය ඖෂධ අමාත්‍ය චන්න ජයසුමන මහතා ටොසිලිසුමාබ් ඖෂධය රටේ ඇති බවට කියා සිටියද තමන්ට කිසිදු තැනකින් හෝ එම ඖෂධය සොයාගත නොහැකි වූ බවද ඒ මහතා කියා සිටියේය.
මෙම ටොසිලිසුමාබ් ඖෂධය රට තුළ හිග බවට පළමු වතාවට පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාය.










