• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අභියාචනාධිකරණයෙන් දීලා තිබුණු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වළක්වයි! කමිටුවෙනුත් වැරදිකරු කරපු දේශබන්දුට තවත් නඩුවක් පත්තු වෙයි! I Sri Lanka Latest News

July 23, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

2022 වසරේ මැයි මස 09 වන දා ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස එවක බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යැවූ ලිපියක් බලරහිත කරමින් අභියාචනාධිකරණය මීට පෙර දුන් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (ජූලි 22) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.Sri Lanka Latest News

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් විභාගයට ගැනීමට අවසර දෙමින් ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් අබේකෝන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබී ය.

මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී මෙම නඩුකරයේ වග උත්තරකරුවන්ගේ නාමාවලිය සංශෝධනය වී නොමැති බවට දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් මතු කරන ලද මූලික විරෝධතා ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

නීතිපති දෙපාර්තමේන්තුවේ අදහස් දැක්වීම්

සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිසිය වෙත නියෝග නිකුත් කිරීමට නීතිපතිවරයාට බලයක් නොමැති බවත්, සැකකරුවෙකු නම් කිරීම පිළිබඳව තීරණය ගත යුත්තේ විමර්ශනවලදී අනාවරණය වන කරුණු මත පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බවත් සඳහන් කළේ ය. ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව අභියාචනාධිකරණයේ පැවති නඩු විභාගයේදී නීතිපතිවරයා විසින් රහසිගත කවරයක බහා අධිකරණයට ඉදිරිපත් කරන ලද වැදගත් ලේඛන ගණනාවක් තීන්දුව ලබා දීමට පෙර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සැලකිල්ලට භාජනය කර නොමැති බවට චෝදනා කළා ය.

යම්කිසි විමර්ශනයක් සම්බන්ධයෙන් පොලිසිය උපදෙස් ඉල්ලා සිටි විටෙක ඊට අවශ්‍ය උපදෙස් ලබාදීමට නීතිපතිවරයාට හැකියාව තිබෙන බවත්, දේශබන්දු තෙන්නකෝන් අදාළ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කිරීමට කටයුතු කළේ ඊට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙනු ලැබූ නියෝගයකට අනුව බවත් ඇය සඳහන් කර සිටියා ය.

අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දීමට පෙර නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු කිසිවක් සැලකිල්ලට භාජනය කර නොමැති බවත්, පෙත්සම්කරු ඉල්ලා නොසිටි සහන පවා මෙම තීන්දුව තුළින් අභියාචනාධිකරණය ලබා දී තිබෙන බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අභියාචනාධිකරණයේ එම තීන්දුව සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත් කියා සිටියා ය.

දේශබන්දු වෙනුවෙන් අදහස් දැක්වීම්

වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිසිය වෙත නියෝග නිකුත් කිරීමට නීතිපතිවරයාට බලයක් නොමැති බවත් සැකකරුවකු නම් කිරීම පිළිබඳව තීරණය ගත යුත්තේ විමර්ශනවලදී අනාවරණය වන කරුණු මත පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බවත් සඳහන් කළේය.

එසේ තිබියදී අදාළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර තිබෙන ලිපිය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේ ය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේ ය.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලදී.

අදාළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස තමන්ව නම් කරන ලෙස නීතිපතිවරයා විසින් 2023 වසරේ අප්‍රේල් මස 19 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවනු ලැබූ ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කළ එවක අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් අදාළ ලිපිය බලරහිත කරමින් මෑතකදී තීන්දුවක් ලබා දී තිබිණි.

එම අභියාචනාධිකරණ තීන්දුව නීතියට පටහැනි බවත් එම තීන්දුව බලරහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම ඇපෑල ඉදිරිපත් කරනු ලැබී ය.

SendShareShare
Previous Post

මහින්දව ගෙදරින් පන්නනවා කිව්වා! මහින්ද දැන් කුලියට ඉන්නේ! ශිරන්තිව සිරිලියට ගන්නවා කිව්වා! ශිරන්ති දැන් හිරේ! බටලන්ද වාර්තාව ගෙනාපු වෙලාවේ කතානායකතුමා ඇඬුවා! දැන් රනිල් ඉන්නේ හිරේ! රතු වරෙන්තුකාරයා ගේනවා කිව්වා! දැන් අර්ජුන් මහේන්ද්‍රනුත් හිරේ! එහෙම වීර වැඩ කරපු මේ ආණ්ඩුවට වැව්වල ගහලා තියෙන හෝටල් අයින් කරන එක මහකජ්ජක් නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමාවේ රුවන්වැල්ල මන්ත්‍රී මාලිමා ආණ්ඩුව ගේන්න යන විදුලි පනතට ගිනිතියයි! කංචනයා බැන බැන හරි සාකච්ඡාවක් දුන්නා! මේ ඇමැතියා මාස 7ක් තිස්සේ සාකච්ඡාවක් දුන්නේ නෑ! ලියුම් 32ක් දැම්මා.. එක ලියුමකටවත් ජයකොඩි ඇමැතියාගෙන් උත්තර නෑ! එදා රන්ජන් ජයලාල් මොකද කිව්වේ.. අපේ ආණ්ඩුවක් එනවා මාස දෙකක් ඉවසන්න කිව්වා! කෝ දැන් මේ අය? විදුලිබල මණ්ඩලය කෑලි කෑලි කරලා සමාගම්වලට විකුණන්න යනවා! තුනෙන් දෙකේ ආණ්ඩුවලින් මුන් සැප විදිනවා! ඔය ආණ්ඩු තාවකාලිකයි..! පාරට බැහැපු විදුලි බල මණ්ඩලේ කොල්ලෙක් දෙනවා රිදෙන්නම! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

'පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි' යන තේමාව යටතේ ජනතාව දැනුවත් කෙරෙන සජබ සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද පෙරවරු...

Read more
සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.