ලංකාවට වාහන අායනය කිරීම සඳහා අවසර ලබාදී ඇතත් ජපාන වාහන මෙරටට වාහන ආනයනය කිරීමේදී ගැටලුවක් මතුවී ඇති බව ලංකා වාහන අානයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.Sri Lanka Latest News
එහි සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පෙන්වා දෙන්නේ ජපානයේ බැංකු විසින් මෙරට බැංකුවල ණයවර ලිපිය ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්ව ඇති බවයි.
ඒ හේතුවෙන් වාහන ආනයන සමාගම් හා ආනයනකරුවන්ගේ පුද්ගලික විශ්වාසය හා ඔවුන්ගේ හැකියාව මත වාහන ගෙන ඒමට සිදුවී ඇති බවද ඔහු කියා සිටියේය.
මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට බැංකු හරහා තවත් ක්‍රමවේදයක් ඇති බවත් එයින් ද සිදුවන්නේ වාහනවල අමතර මුදලක් වැය වී වාහන තවත් මිල ඉහළ යාම බවද හෙතෙම තව දුරටත් පැවසුවේය.









