දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ අද (19) අලුයම අවසන් වූ ගතවු පැය 24 තුළ සැකකරුවන් 963 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.Sri Lanka Latest News
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 638ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 325ක් ඊට ඇතුළත් ය.
ඊට අමතරව පහත සඳහන් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් ද පොලිස් භාරයට ගෙන තිබේ.
හෙරොයින් 300g
අයිස් 172g
ගංජා 530g
ගංජා පැළ 99,209ක්
මාවා මත්ද්‍රව්‍ය 336g
මදන මෝදක 314g
මත්පෙති 24,083ක්
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 638 දෙනා අතරින් සැකකරුවන් 10 දෙනෙකුට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 08 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 25 දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය වැඩිදුරටත් පවසන්නේ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටින, අත්අඩංගුවට ගත් සැකකරුවන් 325 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්වී සිටි සැකකරුවන් 66ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 228 ක්ද සිටින බවය.
ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටින සැකකරුවන් 20ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 11 ක්ද මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.