නිවසක අනාරක්ෂිත උඩුමහලකින් බිමට වැටී 15 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. (Sri Lanka Latest News)
ඊයේ (01) සවස කුරුණෑගල හිඳගොල්ල ගල්පොත්තවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.
වයස අවුරුදු 15ක් වන සුදේශ් මධුශංක නම් එම දරුවා මිතුරන් සමග නිවස අසල හැංගිමුත්තං සෙල්ලම් කිරීමේදී මෙම අනතුරට මුහුණදී තිබේ.
අසල නිවසක ඉදිකර තිබූ ස්ලැබ් එකකින් බිමට වැටී ඇති දරුවා ව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සුදේශ් මධුශංක හිඳගොල්ල දිගම්පිටිය ශ්‍රී පියරතන මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර මෙවර 10 වන වසරට සමත්වී තිබුණි.
කුරුණෑගල ශික්ෂණ රොහලේ හදිසි මරණ පරීක්ෂක, නීතිඥ මොහොමඩ් ෆර්ෂාන් මහතා අදාළ අනතුර සිදුවූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදු කළේය.