සිය ඉන්ධන පිරවුම්හල් පද්ධතිය, ඉරානය විසින් හැක්කර ඇතැයි, එක්සත් ජනපද බලධාරීන් සැක කරන බව සී.එන්.එන්. වෙබ් අඩවිය පවසයි.Sri Lanka Latest News
මෙම හැක් කිරීම හේත-ුවෙන්, පිරවුම්හමල් තුළ තිබෙන ඉන්ධන තොග පිළිබද නිවැරදි තොරතුරු ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.
මෙතෙක්, මේ හරහා කිසිදු භෞතික හානියක් සිදු වී නැතත්, යම් විදිහකින් ඉන්ධන කාන්දුවක් වැනි සිදුවීමක් සිදු වුවහොත්, එය අනාවරණය වීම වැළැක්වීමේ හැකියාව හැකර්වරුන්ට තිබීම විශාල අවදානමක් බව පැවසේ.
එක්සත් ජනපදය ඉරානයේ ඉන්ධන පද්ධතිය ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බැවින්, ඊට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මෙම හැක් කිරීම සිදුකරන්නට ඇතැයි එක්සත් ජනපද බලධාරීන් විශ්වාස කරයි.
කෙසේ වෙතත්, සිය ඉන්ධන පිරවුම්හල් පද්ධතිය හැක් කර තිබෙන්නේ ඉරානය විසින් ම යැයි, මෙතෙක් එක්සත් ජනපදය තහවුරු කරගෙන නැත.










