ජපානයේ සානෝ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී Sano international Cricket Grounds ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක ඇලෙක්ස් මියාජි මහතාට, ශ්‍රී ලාංකික කණ්ඩායම අත්සන් කරන ලද ක්‍රිකට් පිත්තක් ප්රදානය කිරීම පසුගියදා සිදුවිය.Sri Lanka Latest News
පසුගිය දිනවල ලෝක කුසලාන T 20 ක්රීඩාවලියෙදී, ජපාන ජාතික කණ්ඩායම දැක්වූ දස්කම් අගය කරමින්, ජපාන ක්‍රිකට් සංවර්ධනය කිරීමේ සන්නාම තානාපති මෙන්ම සියත මාධ්‍ය ජාලයේ සභාපතිවරයාද වන ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා විසින් මෙම ප්රදානය සිදු කරන ලදී.











