දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය නෞකාවක් දිවයිනට පැමිණ තිබේ.Sri Lanka Latest News
එම නෞකාව මේ වන විට ත්‍රිකුණාමලයෙන් දිවයිනට ඇතුළු වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
එලෙස දිවයිනට පැමිණ ඇත්තේ, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාවයි.










