ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (7) පාර්ලිමේන්තුවේ දී සිදු විය. මෙහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වත්මන් රජය සමඟ ඇති කර ගෙන තිබෙන ගිවිසුම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දිර්ඝ වශයෙන් අදහස් හුවමාරු වීම සිදු විය.Sri Lanka Latest News
මේ අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල, එරාන් වික්‍රමරත්න, මහාචාර්ය ජී. ඇල්. පීරිස්, නාලක ගොඩහේවා සහ කබීර් හෂීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියේය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ආචාර්ය සර්වට් ජහාන් සහ ආර්ථීක විශ්ලේෂකයකු මෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නේවාසික නියෝජිතයකු වූ මානවී අබේවික්‍රම මහත්මිය ද එක්ව සිටියේය.

















