අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ‘හරක් කටා’ නමැත්තා ඉන් මුදාගැනීම සඳහා කමාන්ඩෝ මාදිලියේ සැලසුමක් සකස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ හිටපු කොමාන්ඩෝ ස්නයිපර් සෙබළෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව එම ආරංචි මාර්ග පවසයි. (Sri Lanka Latest News)
අත්අඩංගුවට ගත් සැකකරු (33) හැවිරිදි මාතර ගොඩගම පදිංචිකරුවෙක් බව එම ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා හෙළි කරගෙත් තොරතුරු අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මාතර ට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කමාන්ඩෝ සෙබලුන් දෙදෙනකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් පසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සදහා ත්‍රස්තවාදී විමරශන ඒකකය වෙත බාර දී ඇති බවද එම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
lankadeepa










