2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. Sri Lanka Latest News
ඔහු මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
1 මහ බැංකු බැඳුම්කර මගඩිය (2015)
- පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය
- මාධ්‍යවේදී ඩී.පී සිවරාම් පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය. (අප්‍රේල් 28, 2005)
- ලලිත් කුමාර් සහ කුගන් මුරුගානන්දන් අතුරුදහන් වීම (2011 දෙසැම්බර් 9)
- 2006 දී උපකුලපති සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් අතුරුදහන් වීම
- දිනේෂ් ෂාෆ්ටර්ගේ යැයි කියන සියදිවි නසා ගැනීම
- වැලිගම W15 හෝටලයෙන් පිටත වෙඩි තැබීම










