මාසයකට අධික කාලයකට අවශ්‍ය ඉන්ධන රට තුළ පවති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබෙනවා. Sri Lanka Latest News
එම නිසා පෝලිම්වල රැඳී සිටිමින් ඉන්ධන රැස්කරගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ.
මේ අතර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදු කරන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළා.
හෙට (02) දිනයෙත් සුපුරුදු පරිදි ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කරන බවයි එහි විධායක කමිටු සාමාජිකයෙකු සඳහන් කළේ.










