• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්න නෑ! බෙහෙත් නෑ! ඉගෙනගන්න නෑ! නීතියක් නෑ! දැක්මක් නෑ! මිල පාලනයක් නෑ! කටමැත දෙඩවීම් දේශපාලන නාටක විතරයි! කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

August 29, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කරන්න එපා! ජනතාවගේ කතා කිරීමේ ප්‍රකාශනයේ නිදහස තහවුරු කරන්න! කතෝලික රදගුරු සමුළුව ආණ්ඩුවට දැනුම් දෙයි! VIDEO
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ සමාජ – ආර්ථික හා දේශපාලන තත්ත්වය සහ එමගින් පොදු මහජනතාවගේ දෛනික ජීවිතයට ඇති බලපෑම පිළිබඳ ස්වකීය ගැඹුරු සැලකිල්ල යොමු කරමින් ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා. රට මුහුණ දී තිබෙන භයානක තත්ත්වය ඉදිරියේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ලෙස එම නිවේදනය බලධාරින්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ, තම කටමැත දෙඩවීම් සහ දේශපාලන නාටක පසෙක ලා, ජනතාව මුහුණ දී සිටින දුඃඛිත තත්ත්වය බැරෑරුම් ලෙස සලකා බලන ලෙසයි.Sri Lanka Latest News

එම සම්පූර්ණ නිවේදනය මෙසේයි;

“පූර්ණ සැසිවාරයට එක්රැස් වූ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ශ්‍රී ලංකාවේ සමාජ – ආර්ථික හා දේශපාලන තත්ත්වය සහ එමගින් පොදු මහජනතාවගේ දෛනික ජීවිතයට ඇති බලපෑම පිළිබඳ ස්වකීය ගැඹුරු සැලකිල්ල යොමු කිරීමට අපේක්ෂා කරන්නේ ය. ඒ, දිනෙන් දින ඉහළ යන, දරාගත නොහැකි ජීවන වියදම ජනතාවට දැඩි ලෙස බලපා ඇති බැවිනි.

ඒ හේතුව නිසා, බොහෝ දෙමාපියන්ට, තම දරුවන් හට දිනපතා ආහාර ලබා දීම දුෂ්කර වී තිබේ. දුෂ්කරතාවයට මුහුණ දී ඇති බොහෝ පවුල් දිනකට එක වේලකින් සෑහීමට පත්වෙති. ජනතාවගේ සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීමට බොහෝ රෝහල් අසමත්ව ඇති අතර, දැඩි ඖෂධ හිඟයක් ද පවතියි. රට හැර ගොස් සිටින සහ හැර යමින් සිටින සුදුසුකම්ලත් වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි වීම සහ බොහෝ විට රජයේ රෝහල්වලට ඖෂධ සහ වෙනත් වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් පරිදි නො සැපයීම හේතුවෙන් ස්වකීය සෞඛ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි බොහෝ පුද්ගලයින්, විශේෂයෙන්ම දුප්පත් ජනතාව පිළිබඳව අපි දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමු.

අධ්‍යාපනය ද අනතුරට ලක්ව ඇති බව පෙනී යයි. දරුවන් පාසලට පැමිණෙන්නේ, නිසි පෝෂණය, නිසි ඇඳුම් පැළඳුම් සහ ඔවුනට අවශ්‍ය පොත් පත් සහ ලිපි ද්‍රව්‍ය නොමැතිව ය. දෙමාපියන් සිටින්නේ, තම දූ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා ඉටුකරලීමට නොහැකි තත්ත්වයක ය.

නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස බිඳවැටී තිබේ. රට පුරා සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා වැඩිවෙමින් පවතියි. දිනපතාම පාහේ මිනීමැරුම් සිදුවන අතර බීමතින් සහ අපරික්ෂාකාරිව රිය පැදවීම හේතුවෙන් මහමග සිදුවන මාරක අනතුරු සංඛ්‍යාව ද වැඩි වී ඇත.

ඊට අමතරව ජනතාවගේ කඩිනම් මූලික අවශ්‍යතා පිරිමැසීම සඳහා පැහැදිලි දැක්මක් ඇති බවක් නොපෙනේ. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනයක් නැත. බොහෝ ජනතාව සිටින්නේ සාගින්න අද්දරය. කඩිනම් අවශ්‍යතාවය විය යුත්තේ ජනතාව ජීවත් කරවීම සඳහා කෘෂි කර්මාන්තය සහ අනෙකුත් දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමය. දේශීය ගොවි ජනතාවට දිරි දීමනා ලබා දෙන්නේ නම්, මේ රටේ නිෂ්පාදනය කළ හැකි සහල්, බිත්තර සහ පොල්තෙල් ආදි බොහෝ ආහාර ද්‍රව්‍ය මේ වන විටත් පිටරටින් ආනයනය කෙරෙන බව අසන්නට ලැබීම කම්පනය දනවන සුළුය. වෙළඳපළ මිල පාලනයක් නොමැති බව පෙනී යයි.

මෙම භයානක තත්ත්වය ඉදිරියේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ අප, බලධාරින්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ, තම කටමැත දෙඩවීම් සහ දේශපාලන නාටක පසෙක ලා, ජනතාව මුහුණ දී සිටින දුඃඛිත තත්ත්වය බැරෑරුම් ලෙස සලකා බලන ලෙසයි. එවිට දුප්පත් සහ පීඩිත ජනතාවට, අවම වශයෙන් මූලික අවශ්‍යතාවන් පිරිමසා ගනිමින් තම ජීවිත පවත්වාගෙන යාමට හැකිවනු ඇත.

ශ්‍රී ලංකාව ආශිර්වාද ලත් දේශයක් වන අතර, එහි පුරවැසියන් සහ තරුණ තරුණියන්, උගත් සහ රටේ ප්‍රගතියේ කොටස්කරුවන් වීමට උනන්දුවෙන් පසුවන්නෝ වෙති. එහෙයින් සෑම අයකුගේම ගරුත්වය අගැයීමට ලක්වන සහ එයට වටිනාකමක් ලබා දෙන, සාමය, සමගිය හා අධිකරණයේ ස්වාධීනත්වය, නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම මගින් දේශපාලනික ජීවිතයට ජනතාවගේ සහභාගිත්වය සුරක්ෂිත කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදය සැබැවින්ම ප්‍රකාශ වන සමාජයක් අපි නිර්මාණය කළ යුතු වෙමු. එවැනි දේශපාලනික හා සමාජයීය පුනර්ජීවනයක ද, අප සමාජයේ සියලු කොටස්වල අභිමානය සහ අයිතිවාසිකම් සුරැකීමේ ද මෙවලම් බවට පත්වන ලෙස අපි අපගේ දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටිමු.

අප සමාජයේ මෙවැනි සමාජ පරිවර්තනයන් වෙනුවෙන් යාච්ක්‍ඤා කරන ලෙසත්, ක්‍රියාශීලිව කටයුතු කරන ලෙසත් අපි සියලු කතෝලික සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිමු.

අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමි,

කුරුණෑගල රදගුරු හිමි,

සභාපති, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය.

අතිඋතුම් ජේ. ඩි. ඇන්තනී ජයකොඩි හිමි,

අගරදගුරු පදවි සහයක රදගුරු හිමි,

මහා ලේකම්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය

2023 අගෝස්තු 28 වැනිදා”

SendShareShare
Previous Post

ලබන මාස 3ටත් ඉන්දියාවෙන්! බිත්තර ලක්ෂ 920ක් ගේන රනිල්ගේ යෝජනාව සම්මතයි! I Sri Lanka Latest News

Next Post

මෙච්චර නැව් ලංකාවට එවලා චීනය හොයන්නේ වීර අලකේෂ්වරගේ ප්‍රහාරයකින් අවුරුදු 600කට පෙර මියගිය අද්මිරාල් ෂෙන් හේගේ නාවික බලඝනයේ ශේෂයන්ද? එහෙමත් නැතිනම් වෙන මොනවා හරිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.