• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිව්වොත් කිව්වා… ආයෙ බොරු නෑ! පොරොන්දු රැක්ක ජනපති! Sri Lanka Latest News

August 17, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
රණසිංහ ප්‍රේමදාසයන්ගේ 30 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් දරුවන්ට තාක්ෂණය ලබාදෙන සජිත් ප්‍රේමදාසගේ ‘සක්වල’ දරුවන් වෙනුවෙන් හෙට යළිත් ආරම්භ කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

වත්මන් පාලකයින් බලයට පත්වී වසරකට ආසන්න කාලයක් ගත්වී තිබේ. වෙනත් පාලනයක් විලසින් ජනතාව වෙත අනේකවිධ පොරොන්දු ලබාදුන් ඔවුන්, විවිධ හේතු දක්වමින් ජනතාව වෙත ලබාදුන් එකී පොරොන්දු ඉටුකරලීම මගහැර ඇත. ඔවුන් නිරන්තරයෙන් පවසන්නේ තමන් පස් වසරක කලයකට බලයට පත්වූ හෙයින් එකී පොරොන්දු ඉටුකිරීමට තවත් බොහෝ කාලය ඇති බවයි.Sri Lanka Latest News

මෙවන් තත්ත්වයක් තුළ අප මතකයට නැගෙන්නේ, 1977 මැතිවරණයේදී විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය ජනතාව ලබාදුන් පොරොන්දු සහ එකී පොරොන්දු ඉටුකිරීම සඳහා එම පාලකයන් තුළ පැවැති නොඉවසිල්ලය.

එවක බලයට පත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ප්‍රේමදාස මහතා, එකී මැතිවරණ සමයේ ජනතාව වෙත ලබාදුන් විශේෂිත පොරොන්දුවක් වූයේ, ස්ථීර සෙවණක අයිතිය ලබාදී සමාජ දුපත්කම නැතිකරලීම යන්නයි.

වසරකටත් පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටුකරලීමක්
මෙවන් අතීශය අභියෝගාත්මක ජනතා පොරොන්දු සමගින් රජයක් බලයට පත්වූ විගස ඉටුකළ හැකි යැයි කිසිවකු නොසිතූ මොහොතක ප්‍රේමදාස මහතා එකී කාර්යය සඳහා මුලපිරීය.

1977 වසරේ ජූලි මාසයේ බලයට පත් නව රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරයට පත්වූ ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව වූයේ, නිවාසකරණය තුළින් මෙරට දූගීභාවය සඳහා විසඳුම් සෙවීමයි. එකී ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙසින් උදාගම් ව්‍යාපාරය යාපහුව උදාගමින් ඇරඹිණි.

ඒ හේතුවෙන්, නව රජය බලයට පත්වී වසරක් වැනි කාලයකින් යාපහුවේ බඩල්ගම පැල්පත්වාසී පවුල් 26ක් මේ හේතුවෙන් ස්ථීර නිවාස සමගින්වූ උදාගම හිමිකරුවන් බවට පත්විය.

උදාගම සියලු සංවර්ධන කාර්යයන් නිමවී එවක රජය බලයට පත්වී මාස එකොළහක් (වත්මන් රාජ්‍ය පාලක බලයටද මාස එකොළහකට ආසන්නව වී ඇත) ගතවූ 1978 ජුනි මස 24 දින ප්‍රේමදාස මහතා යාපහුවේ බිහිවූ ප්‍රථම උදාගම ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව එහි රැස්වී සිටි ගම්වැසි නිවාසලාභීන් අමතා මෙසේ පැවැසීය.
‘වත්මන් රජය බලයට පත්වූයේ පසුගිය වසරේ ජූලි 21 දාය. තව නොබෝ දිනකින් එළැඹෙන ඒ මැතිවරණ සංවත්සර දිනයේදී දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයකම නිවාස 05 බැගින් ඉදිකර මැතිවරණ නිවාස වැඩසටහන දියත් කරනවා. එය අප සැලසුම් කර ඇති දිවයින පුරා නිවාස ලක්ෂයක් වසර පහක් තුළදී ආරම්භ කිරීමේ මුල් පියවරයි.
එකී සංවත්සර නිවාස වැඩසටහන සෑම වසරකම මෙම මැතිවරණ දිනය නිමිතෙන් අප නොකඩවා ක්‍රියාත්මක කරනවා…’

එවන් වැඩසටහනක්, නිවාස අපේක්ෂිත ග්‍රාමීය පවුල් සමූහයක එක්වීම තුළින් ඉටුකළ හැකි බව අද උදාගම් උදාවෙන් තමුන්නාන්සේලා ඔප්පුකොට තිබෙනවා…’

කඩිනමින් ක්‍රියාත්ම කළයුතු මෙවන් වූ නිවාස අවශ්‍යතාවක් සපුරාලීම සඳහා පවත්නා රාජ්‍ය ආයතනික රටාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බව දුටු ප්‍රේමදාස මහතා, එවක පැවැති ජාතික නිවාස දෙපාර්තමේන්තුව වෙනුවට ජනතාව සමගින් වූ සිය නිවාස සංවර්ධන වැඩසටහන, වඩාත් ඵලදායී අයුරින් ඉටුකරලීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත කිරීමට යෝජනා කළේය.

එකී අදහසට අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා වූ පාර්ලිමේන්තු පනත මැතිසබය වෙත ඉදිරිපත් කරමින් ප්‍රේමදාස මහතා මෙසේ පැවැසීය.
‘ගරු කතානායකතුමනි, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත කිරීම පිළිබඳ යෝජනාව මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. නිවාස ඉදිකිරීම සඳහා විශාල වැඩපිළිවෙළක් අද ක්‍රියාත්මක වනවා.

අපගේ අරමුණ 1983 වසර වනවිට ගෙවල් ලක්ෂයක් දිවයින පුරා ඉදිකරලීමයි. දැනට ක්‍රියාත්මක ජාතික නිවාස දෙපාර්තමේන්තුවට මෙම කාර්යය තනිව ඉටුකළ නොහැකියි. මෙලෙසින් වැඩි නිවාස ප්‍රමාණයක් වඩාත් කඩිනමින් ඉදිකිරීම සඳහා වූ බලතල සහිත අධිකාරියක් පිහිටුවන්නට මම මේ ගරු සභාවේ අවසරය ඉල්ලා සිටිනවා…’
අග්‍රාමාත්‍ය අර්. ප්‍රේමදාස මහතා 1979 වසරේ පෙබරවාරි මස 06 දිනදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත කිරීමේ පනත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින් මෙම අදහස ප්‍රකාශ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ප්‍රේමදාස මහතා,
‘පසුගිය රජය යටතේ ජාතික නිවාස දෙපාර්තමේන්තුවට නිවාස 400කට වඩා ඉදිකිරීමට බැරිවුණා. අප බලයට පත්වී ගතවූ කෙටි කාලපරිච්ඡේදය තුළදී එමෙන් කිහිප ගුණයක නිවාස, නාගරික හා ගම්බද ප්‍රදේශවල ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. යාපහුවේ උදාගමින් පසුගිය වසරේ ජුනි මස 24 දින එකී වැඩසටහන ආරම්භ කළා.

පැල්පත් සහ තාවකාලික නිවාසවල දුගී දුප්පතුන් ලෙසින් ජීවත්වූ පවුල් 25කට නිවාස ඉදිකරලීමෙන් උදාගමින් ඇරඹි මෙම වැඩසටහන අද මෙරට ග්‍රාමීය ප්‍රදේශ පුරා නිවාස සංවර්ධන වැඩසටහනක් ලෙසින් ක්‍රියාත්මක වනවා.

එමෙන්ම සීදූව රද්දොළුගම හා කොට්ටාව ප්‍රදේශයේ නාගරික නිවාස වැඩි ප්‍රමාණයක් ඉදිවෙනවා. මෙලෙසින් මෙරට ඉතිහාසයේ කවර හෝ කලෙක ගෙවල් 2000ක වැඩ එකවර ආරම්භ කර නැහැ. ලංකාව පුරාම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වනවා.

මේ අන්දමින් මේ කාර්ය කඩිනමින් කිරීමට නිවාස දෙපාර්තමේන්තුව වැනි සීමිත රාජ්‍ය දෙපාර්තමේන්තුවකින් පමණක් සිදුකළ නොහැකියි. එම කාර්යය වඩාත් කඩිනමින් කාර්යක්ෂමව ඉටුකිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිහිටුවීම සඳහා මේ පනත් කෙටුම්පත සම්මත කරගැනීමට මේ ගරු සභාවේ අනුමැතිය ඉල්ලා සිටිනවා…’ යැයි පැවැසීය.

නිවාස ලක්ෂයක් ඉදිකිරීමට නව අධිකාරියක්
1979 වසරේ පෙබරවාරි මස 06 දින පාර්ලිමේන්තු අනුමැතිය පරිදි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත විය. මේ පිළිබඳ මහත්සේ සතුටට පත් අගමැති ප්‍රේමදාස මහතා එයට දින කිහිපයකට පසු පෙබරවාරි මස 11 දින දොඩන්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාසයේ ‘අරුණෝදාගම’ එහි ගම්වැසි ජනතාවගේ අයිතියට පත්කරමින් මෙසේ පැවැසීය.
‘මෙරට නිවාස සංවර්ධනය වඩාත් විධිමත්ව හා කඩිනමින් සිදුකිරීම සඳහා වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත කිරීම පසුගියද‍ා පාර්ලිමේන්තුව විසින් අනුමත කළා. තමුන්නාන්සේලාට ඉදිකළ මේ උදාගම, එම ව්‍යාපාරයේ තෙවැනි ආදර්ශ ගම්මානයයි.

එවැනි ගම්මාන සිය ගණනක් මුළු දිවයින පුරා කඩිනමින් ඉදිකොට ඔබ තමුන්නාන්සේලා හැම දෙනෙකුටම නිවසක හිමිකම ලබාදීම සඳහායි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙලෙසින් පිහිටුවූයේ…’

ප්‍රේමදාස මහතා විසින් දශක එකහමාරක කාලයක් තුළ ක්‍රියාත්මක කළ නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන ඉතා විධිමත්ව අදියරගතව ක්‍රියාවට නැංවීය. එකී වැඩසටහන දියත් කිරීම සඳහා පවත්නා රාජ්‍ය ආයතනික රටාව ප්‍රමාණවත් නොවූ විට ඒ සඳහා වූ විකල්ප රාජ්‍ය ආයතන ස්ථාපිත කළේය. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත වූයේ මෙවන් අදහසක් පෙරදැරිවය.

මෙයට අමතරව සිය අමාත්‍යාංශයට අනුබද්ධිතව නාගරික සංවර්ධන අධිකාරිය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, ඉදිකිරීම් කර්මාන්ත ශිල්පීය ආයතනය මුල් වසර කිහිපය තුළදී ස්ථාපිත කළේ මෙම නිවාස සංවර්ධන වැඩසටහන වඩාත් විධිමත්ව ඉටුකිරීමටයි.

දුප්පත්කමට නිවාසකරණයෙන් විසඳුම් සෙවීම
එකී අවස්ථාව වනවිට නැතිබැරිකම සමස්ත සමාජය පුරා පැතිර ගිය ව්‍යසනයක් විය. එය වඩාත් පිළිබිඹු වූයේ එකී ජනතාව ජීවත්වූ නිවහන වෙතිනි. නාගරික දුප්පතුන් ජීවත් වූයේ නගරය ආශ්‍රිතව ඉදිවූ තාවකාලික නිවාසවලය. එක යායට නගරය වැසීගිය මෙම තාවකාලික නිවාස සමූහය, ‘මුඩුක්කු’ ලෙසින් සමාජ හැඳින්වීමක් විය.
ගම තුළ තැන තැන අනවසරයෙන් ඉදිවූ, ‘පැල්පත’ ගම නියෝජනය කළ බහුතරය වූ දුප්පතුන්ගේ නිවහන විය. මෙකී තොරතුරු නිල වශයෙන් සනාථ කළේ, 1971 වසරේ පැවැති ජන හා නිවාස සංගණනයයි. ඉන් කියැවුණේ මෙරට සමස්ත නිවාස සංඛ්‍යාවෙන්, ස්ථිර නිවාසවල ජීවත්වූයේ 35%ක් පමක් බවය.

දරිද්‍රතාවයෙන් පීඩාවිඳි සෙසු 65%ක් අර්ධ, ස්ථීර හෝ තාවකාලික නිවාසවල ජීවත් විය. විශේෂයෙන් මෙම කරුණ සැලකිල්ලට ගනිමින් මෙම ජන කොටසගේ දුප්පත්කම සඳහා විසඳුමක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ප්‍රේමදාස මහතා විසින් වසර පහක් 1978 – 1983) තුළ දිවයින පුරා නිවාස ලක්ෂයක් ඉදිකිරීමේ වැඩසටහන දියත් කරන ලදී.
ඉහත සඳහන් ජන හා නිවාස සංගණනයට අනුව මෙරට නිවාස ගැටලුව සඳහා විසඳුම් සෙවීමට නිවාස ඒකක ලක්ෂ හයක අවශ්‍යතාවක් පවත්නා බව පෙන්නුම් කෙරිණි. එයින් වඩාත් දැඩි ලෙසින් නිවාස ගැටලුව පවත්නා නාගරික හා ග්‍රාමීය දුගී දුප්පත් පවුල් ලක්ෂයක් සඳහා වසර පහක් තුළදී නිවාස ඒකක ලක්ෂයක් ඉදිකිරීම ‘නිවාස ලක්ෂය වැඩසටහනේ’ අපේක්ෂාව විය.

එවක රජයේ මූලික බලාපොරොත්තුව වූයේ, රජය ක්‍රියාත්මක කරන කවර හෝ සංවර්ධන වැඩසටහනක් තුළින් ඍජුව හෝ වක්‍රව එවක සමාජය මුහුණ දුන් දැඩි ප්‍රශ්නයක් වූ දරිද්‍රතාව සඳහා විසඳුම් සෙවීමයි.

ප්‍රේමදාස මහතා, තමන් ක්‍රියාත්මක කළ නිවාස සංවර්ධන වැඩසටහන මේ සඳහා දායක කරගනු ලැබීය. බොහෝ දෙනෙකු ඉහතින් සඳහන් නිවාස ලක්ෂය වැඩසටහන පිළිබඳ විවිධ අර්ථකථන ප්‍රකාශ කළද එහි සැබෑ ක්‍රියාකාරීත්වය පිළිබඳ තතු නොදනී.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මෙන්ම සෙසු සියලු පාර්ශ්වයෙන්ගේ ඒකාබද්ධ දායකත්වයකින් වසර පහකදී නිමාව දැකීමට නියමිත වූ නිවාස ලක්ෂය වැඩසටහන දියත් කිරීම ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව විය.

නිවාස ලක්ෂය වැඩසටහනේ ඉලක්ක
ගමේ සහ නගරයේ නිවාස අවශ්‍යතාවට අනුව සැකසුණු නිවාස ලක්ෂය වැඩසටහන පහත සඳහන් වන ඉලක්ක සපුරාලීමේ බලාපොරොත්තුවෙන් ක්‍රියාත්මක විය.
● ඒ අනුව යමින් අත්කම් ක්‍රමවේදය භාවිත කරමින් ප්‍රජා සහභාගිත්වය සමගින් නිවාස 50,000ක් ගම් මට්ටමින් ඉදිකරලීම නිවාස ලක්ෂය වැඩසටහනේ ග්‍රාමීය නිවාස සංවර්ධන වැඩසටහන විය.
● මෙයට අමතරව නාගරික නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා දෙස් විදෙස් කොන්ත්‍රාත්කරුවන්ගේ දායකත්වයෙන් නාගරික ප්‍රදේශ ආශ්‍රිතව නිවාස ඒකක 36,000ක් ඉදිකරලීම ඉලක්කගත විය.
● තවද නිවාස ලක්ෂය වැඩසටහනේ සෙසු නිවාස 14,000ක් ජාතික නිවාස කොමසාරිස් විසින් අවම හා මධ්‍ය ආද‍ායම්ලාභීන් සඳහා නිවාස ණය පහසුකම් ලබාදීම තුළින් ඉදිවිය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවෝදයක්
ගම සහ නගරය තුළ නිවාස ලක්ෂය වැඩසටහන දියත්වීමත් සමගින් දිවයිනේ සෑම ප්‍රදේශකයකම නිවාසකරණය සඳහා ජනතා උනන්දුව හා යොමුවීම සිදුවිය. අත්තම් නිවාස සංවර්ධන වැඩසටහන නිවාස ලක්ෂය වැඩසටහන යටතේ දියත්වූ අතර, නිවාසලාභී ප්‍රජාවට කලකින් සිය නිවාස සංවර්ධන කාර්යයන් සඳහා දායක වීමට එමගින් අවස්ථාව හිමිවිය. එමෙන්ම මේ හේතුවෙන් එවක වැඩි රැකියා ඉල්ලුමක් හෝ සමාජ පිළිගැනීමක් නොතිබුණු පෙදරේරු හා වඩු කාර්මික ශිල්පය සඳහා නව ඉල්ලුමක් නිර්මාණය විය.
එමෙන්ම තම නිවහන ඉදිකිරීම සඳහා වඩාත් ඵලදායි ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා එකී ශිල්පය යොමුවීම සිදුවිය. රාජ්‍ය දායකත්වයෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව ස්ථාපිත වූයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි.

වසර පහකින් නිමාකිරීමේ ඉලක්කය හඹාගිය නිවාස ලක්ෂය වැඩසටහන ගම සහ නගරයේදී රාජ්‍ය නිලධාරීන් පූරෝගාමී වූ නිවාස සංවර්ධන වැඩසටහනක් ලෙසින් දියත් විය. එකී වැඩසටහන යටතේ ග්‍රාමීය නිවාස ව්‍යාපෘතියක එක් නිවසක් ඉදිකරලීම සඳහා රුපියල් 70,000ක උපරිමය යටතේ වැය කළහ. එමෙන්ම මෙම වැඩසටහන යටතේ නාගරික ප්‍රදේශ තුළ ඉදිවූ මහාපරිමාණ නිවාස ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුවන්ගේ දායකත්වයෙන් ඉදිවිය. ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මේ සියලු වැඩසටහන් නිලධාරී අධීක්ෂණය යටතේ සිදුවූ අතර, ආයතනික වශයෙන් මෙහිදී වැඩි දායකත්වයක් ලබාදුන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි.

සාමූහික ඉගෙනීම තුළින් ක්‍රියාත්මක වූ නිවාස ලක්ෂය
එමෙන්ම මෙකී වැඩසටහන යටතේ තැන තැන ඉදිවූ නිවාස සංවර්ධන ව්‍යාපෘතීන් ඉලක්කගත පරිදි නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ දේශපාලන නියෝජිතයන්ගේද නිසි අධීක්ෂණයක් විය. අගමැති ප්‍රේමදාස මහතා හැමට ආදර්ශයක් ලබාදෙමින්, අවස්ථාවක් ලද විට පූර්ව දැනුම්දීමකින් තොරව මෙම නිවාස සංවර්ධන කාර්යයන්හි ප්‍රගතිය සොයා බැලීය. ඒ තුළින් නිවාස ලක්ෂය වැඩසටහනේ සැබෑ ක්‍රියාකාරී අත්දැකීම තමන්ට ලැබුණු බව ජාත්‍යන්තර සමුළු අවස්ථාවන්හිදී පවා ඔහු ප්‍රකාශ කොට ඇත.

1983 වසරේ අප්‍රේල් මස ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර පැවැති එක්සත් ජාතීන්ගේ ජනාවාස කොමිසමේ හයවැනි සැසිවාරය ඇමතූ අගමැති ප්‍රේමදාස මහතා,
‘මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිවාස ලක්ෂය වැඩසටහන, ක්‍රියාකරීත්වය තුළින් උගනිමින් ක්‍රියාත්මක ජනාවාස වැඩසටහනකි. එකී වැඩසටහනේ නිවාසලාභීන් එය අධීක්ෂණය කරන නිලධාරීන් මෙන්ම එහි ප්‍රතිපත්ති සම්පාදකයන්ද වැඩසටහනේ සැබෑ ක්‍රියාකාරීත්වය සඳහා සජීවී ලෙසින් සහභාගි වෙමින් වැඩසටහනේ සැබෑ ක්‍රියාකාරී අත්දැකීම් ලබනවා. ශ්‍රී ලංකාවේ නිවාස ලක්ෂයේ නිවාස සංවර්ධන වැඩසටහනේ සාර්ථකත්වයට මෙය සැබෑ හේතුවකි…’ යැයි පැවැසීය.

නිවාස ලක්ෂය වැඩසටහනේ ක්‍රියාකාරීත්වය මෙරට සමාජයේ මෙන්ම නිවාස හා ජනාවාසකරණයේ නියුතුවූ විදෙස් ආයතනවලද විශේෂ අවධානය යොමුවිය.

නිවාස සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනික ඇගයුම
එක්සත් රාජධානියේ ඕ.ඩී.ඒ. ආයතනයේ, (ධඩැිැ්ි ෘැඩකදචපැබඑ ්ටැබජහ) ආචාර්ය ඩෙවිඩ් රොබ්සන් ඇතුළු කණ්ඩායම විසින් රචිත ්සාැා – ීැකf -්‍යැකචත ්‍යදමිසබට සබ ීරස ඛ්බන් නමින්වූ ප්‍රකාශනයේ මෙරට නිවාස ලක්ෂය වැඩසටහන පිළිබඳ මෙවන් සඳහනක් වේ.

‘පසුගිය වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ නිවාස ලක්ෂයක් ඉලක්කගත නිවාස සංවර්ධන වැඩසටහන තුළින් නව සමාජ පිබිදීමක් ඇතිවී ඇත. එමගින් ජනතාව සැබෑ ඵල නෙළාගැනීමක් සිදුකර ඇත. මෙකී වැඩසටහනේ ක්‍රියාකාරීත්වය නිවාසලාභීන්ගේ චර්යාව සහ ශ්‍රී ලංකාවේ නිවාසකරණය ඵලදායී මගකට යොමුකිරීමක් සිදුකොට ඇත.’

වැඩි නිවහන් ප්‍රමාණයකට යොමුවූ උදාගම
යාපහුවේ බඩල්ගම නිවාස 25කට සීමාවෙමින් ඇරඹි උදාගම් නිවාස ඉදිකරලීම නිවාස ලක්ෂය වැඩසටහනේ වඩාත් ජනගත වැඩසටහන විය. ආරම්භක වශයෙන් එවන්වූ සීමිත නිවාස ප්‍රමාණයකින් ඇරඹි උදාගම් නිවාස වැඩසටහන පසු කලෙක වාර්තාගත නිවාස ප්‍රමාණයක් එක් උදාගමක නිර්මාණය වීම දක්වා වැඩිදියුණු විය.

උදාගම් ව්‍යාපාරයේ 140 වැනි ආදර්ශ ගම්මානය ලෙසින් නව නිවාස 366ක් සමගින් 1981/11/21 දින ත්‍රිකුණාමලයේ උද‍ාවූ ‘ධාන්‍යගම’, නව නිවාස 325කින් සමන්විත 1980/11/02 වැලිමඩ උදාවූ 66 වැනි ගම්මානය වූ ‘දිමුතුගම’, නව නිවාස 325ක් සමගින් 1982 වසරේ යාපනය උදාවූ නාවක්කුලි නිවාස ක්‍රමය මෙවන්වූ වාර්තාගත නිවාස සංවර්ධනයක් සිදුවූ අවස්ථා ලෙසින් සඳහන් කළ හැකි වේ.

නාගරික නිවාස ගැටලුව සඳහා විසඳුම් සෙවූ නිවාස ලක්ෂය
තවද නාගරික ප්‍රදේශයන්හි නිවාස ගැටලුව සඳහා කෙටිකාලීනව විසඳුම් සෙවීම වෙනුවෙන් වඩාත් ඵලද‍ායී විසඳුම් සෙවීමට නිවාස ලක්ෂය වැඩසටහන හේතුවිය. 77 රාජ්‍ය පාලනය තුළින් සිදුවූ ආර්ථික වර්ධනය හේතුවෙන් වැඩි රැකියා අවස්ථා නගරය තුළ උදාවිය. එය රැකියා පදනම්ව ගම්බද ප්‍රදේශ වෙතින් නගරය වෙත සංක්‍රමණය වීමට හේතු විය.
කටුනායක සහ බියගම ප්‍රදේශ අශ්‍රිතව බිහි වූ වෙළෙඳ කලාපීය ශ්‍රමිකයන් සඳහා නවාතැන් ලබාදීම එවක පැනනැගුණු මූලික ගැටලුවක් විය. මේ සඳහා විසඳුමක් ලෙසින් මෙලෙසින් බැහැර ප්‍රදේශ වෙතින් වෙළෙඳ කලාපීය නගර වෙත ප්‍රවිෂ්ට වන ශ්‍රමිකයන් සඳහා නේවාසික පහසුකම් සැපයීම සඳහා නව නිවාස පද්ධතියක් සැකසීමේ අවශ්‍යතාව පෙන්නුම් කළ අතර, ‘රද්දොළුගම නිවාස ක්‍රමයේ’ උදාව සිදුවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

සීදූව නගරාසන්නයේ නොදියුණු ගම් ප්‍රදේශයක් ලෙසින් පැවැති රද්දොළුව ඇසුරේ මෙම කඩිනම් නිවාස ක්‍රමයේ ඉදිකිරීම් කාර්යයන් 1979 වසරේදී ආරම්භ විය. නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ එවක පැවැති රාජ්‍ය ආයතනික රටාව මෙවන් වූ අභියෝගාත්මක නිවාස සංවර්ධන වැඩසටහනක් දියත් කිරීම සඳහා ප්‍රමාණවත් නොවූ හෙයින්, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනාව තමන් විසින් පාර්ලිමේන්තුව වෙත ගෙනෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරි පනත ගෙනෙමින් ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

ඒ සියලු අපේක්ෂාවන් ඉටුකරමින් නිවාස 3000ක ප්‍රමාණයකින් සමන්විතව ඉදිවූ රද්දොළුගම නිවාස ක්‍රමය අගමැති ආර්. ප්‍රේමදාස මහතාගේ ඇරයුමෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් 1983 දිනදී විවෘත කළ අතර, එය මෙතෙක් මෙරට ඉදිවූ විශාලතම නිවාස ක්‍රමය විය.

නිවාස ලක්ෂය වැඩසටහන යටතේ නාගරික නිවාස අභියෝගය ජයගැනීම උදෙසා රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමය මෙලෙසින් උදාවීම හුදු නිවාස ඉදිකිරීමකටත් එහා ගිය නව නගර සංවර්ධන ක්‍රියාවලියක බිහිවීමක් සනිටුහන් කළේය.

මෙම නාගරික නිවාස අත්දැකීම දිවයිනේ සෙසු නාගරික ප්‍රදේශ තුළද, නාගරීකරණ ඝනත්වය වර්ධනය කිරීම සඳහා භාවිත කිරීමට උපයෝගී කරගැනීම සඳහා වඩාත් සුදුසු වූ මෙවලමක් බව වටහාගත් ප්‍රේමදාස මහතා, මෙයට සමගාමීව කොට්ටාව මත්තෙගොඩ නිවාස ක්‍රමය සහ මහනුවර නගරාසන්න කඳුකරයේ හන්තාන නිවාස ක්‍රමය ඉදිකරන ලදී.
කොළඹ සහ ඒ අවට ප්‍රදේශයන්හි පැවැති සංක්‍රමණික ජන ඝනත්වය පාලනය කිරීම සඳහා මත්තෙගොඩ වැනි නිවාස යෝජනා ක්‍රම රැසක් පසුකාලීනව උදාවිය.
එමෙන්ම භූමි පිහිටීම අනුව සීමිත භූමි ප්‍රදේශයක විහිදුණු මහනුවර නගරය සඳහා අවශ්‍යවූ නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා හන්තාන නිවාස ක්‍රමය නිර්මාණය විය.

නිවාස ලක්ෂය තුළින් උගත් පාඩම්
මේ අනුව වසර පහක් (1979 – 1983) තුළදී මෙරට නිවාස සංවර්ධනය මුහුණපා සිටි බොහෝ ගැටලු සඳහා විසඳුම් සෙවීමට නිවාස ලක්ෂය වැඩසටහන සමත් විය.
● එතෙක් පැවැති රාජ්‍ය ආයතිනක පද්ධතිය එයට නුසුදුසු වූ හෙයින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැනි ආයතන ස්ථාපිත කොට එකී කාර්යය වඩාත් විධිමත් කළේය.
● තම නිවහන ඉදිකිරීමේදී තමන්ට ඒ සඳහා දායකත්වයක් ලබාදිය නොහැකි යැයි සිතූ සමාජයක, සිය නිවහන ඉදිකරලීමේදී නිවාසලාභී කාර්යභාරය පිළිබඳ මූලික කතිකාවක් නිර්මාණය කිරීමට එකී වැඩසටහන සමත් විය.
● නිවාස ශිල්පකරණයේ නියුතු වූ ගම සහ නගරයේ මේසන් හා වඩු කාර්මිකයන් ඇතුළු අනෙකුත් ශිල්පීය රැකියාවන්ට වැඩි සමාජ ඉල්ලුමක් එමගින් ඇති විය.
● විශේෂයෙන් නාගරික ප්‍රදේශ ආශ්‍රිතව මහා පරිමාණ නිවාස ව්‍යාපෘති ඉදිකරලීම සඳහා වඩාත් උසස් තත්ත්වයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අවශ්‍ය වූ හෙයින් නිවාසකරණයේ නිරතවූවන් එකී වැඩසටහන සඳහා යොමුවිය.
● දෙස් විදෙස් සමුළුවලදී මෙන්ම ඕ.ඩී.ඒ. වැනි ජාත්‍යන්තර ආයතන නිවාස ලක්ෂය වැඩසටහන සමීපව අධීක්ෂණය කරමින් එය ඇගයුමට ලක්කරන ලදී.

මේ සියල්ලටත් වඩා මැතිවරණ කාලපරිච්ඡේදයන්හි ජනතාව වෙත ලබාදෙන පොරොන්දු හුදු පොරොන්දුවලට සීමා නොකරමින්, එකී පොරොන්දු, අපේක්ෂිත දින වකවානුවලටත් පෙර ඉදිකරලීම සම්බන්ධයෙන් ‘නිවාස ලක්ෂය වැඩසටහන’ හොඳම නිදසුනක් බව එකී වැඩසටහන ක්‍රියාවෙන් පෙන්නුම් කරනු ලැබීය.

ලක්විජය සාගර පලන්සූරිය

SendShareShare
Previous Post

වටකරලා ගහද්දීත් හරිනි කට නොඅරී! දීපු ගණන්හිලව් ගැන ආයෝජන මණ්ඩලය කටඅරී! මිලින්දට-කංචනට කවපු ලණුවම රනිල් ඩඩ්ලිටත් කවයි! විශ්වාසභංගය කොටඋඩ! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

සජිත්ට යාල කැලේ ඇතුළෙදි ප්‍රහාරයක්! කවුරුත් නොදන්න කතාවක් එළියට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල්-නිනෝ තත්ත්වයක බලපෑමක් ඉදිරියේ දී එල්ල වීමේ හැකියාවක් පවතින බවට එක්සත් ජාතීන්ගේ කාලගුණවිද්‍යා ඒජන්සිය අනතුරු අඟවා...

Read more
සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.