අලුත්ගම පාදාගොඩ පින්හේන ජනපදයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට මහ දවල් ඇතුළු වු සොරෙකු රුපියල් හත්ලක්ෂ හයදහසක මුදල් සහ රන්භාණ්ඩ සොරකම් කරගෙන ගොස් ඇතැයි කියන පැමිණිල්ල අනුව අලූත්ගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. (Sri Lanka Latest News)
ව්‍යාපාරිකයා ඇතුළු කිසිවකුත් නිවසේ සිට නොමැති අවස්ථාවක නිවසේ පිටුපස දොර විවෘත කර නිවස තුළට ඇතුළු වී රුපියල් ලක්ෂ තුනක මුදල් නෝට්ටු, රුපියල් ලක්ෂ හතරක රන්භාණ්ඩ සමඟ ඔරලෝසුවක්, ජංගම දුරකථනයක් ඇතුළු දෑ සොරකම් කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
අලුත්ගම පොලිස් ස්ථානාධිපති රොමේස් රත්නසිංහම් මහතාගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කර තිබේ.
dinamina










