මාස 6ක කාලයක් සඳහා මෙගාවොට් 100ක විදුලියක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අද (17) අනුමැතිය ලබාදී තිබේ.Sri Lanka Latest News
2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 43 වන වගන්තිය යටතේ මෙම අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව ප්‍රධාන කොන්දේසි 3ක් යටතේ 2023 අගෝස්තු මස 18 වනදා සිට මාස 6ක කාලයක් සඳහා පමණක් විදුලිය මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.
එම කොන්දේසි 3 පහත දැක්වේ,
1. කුසලතා පදනම මත අදාළ විදුලි මිලදී ගැනීම සිදුකළ යුතු අතර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් කාලය අවසානයේදී එම මිලදී ගැනීම පිළිබඳ ස්වාධීන විගණනයක් සිදුකළ යුතුය.
2. කොත්මලේ පොල්පිටිය 220 kv රැහැන 2024 අගෝස්තු 31ට පෙර සක්‍රීය කළ යුතුය.
3. අවම පිරිවැය මත පදනම්ව මෙම විදුලිය මිලදී ගැනීම සිදුකළ යුතුය.










