ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි වෙස්ට්ෆීල්ඩ්, බොන්ඩි වෙළඳ සංකීර්ණයේ දී උමතු වූ පිහිකරුවෙකු තනිවම බිම දැමූ පොලිස් නිලධාරිනිය පවසා ඇත්තේ තමන් කළ දෙයින් තෘප්තිමත් බවයි. එහෙත් සුවීමෙන් පසු ඊයේ (13) රාත්‍රියේ ලැබුණේ කෙටි නින්දක් බව ඇය කියා තිබෙනවා. Sri Lanka Latest News
සෙනසුරාදා දින සිඩ්නි හි වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි සාප්පු සංකීර්ණයේ දී ජොයෙල් කවුචි නම් වූ පිහිහියක් අත දැරූ ඝාතකයාට එම පිහි ප්‍රහාර නතර කරන්නයි NSW පොලිස් පරීක්ෂක ඇමී ස්කොට් මුලින් අණකර තිබුණා. එහෙත් ඝාතකයා අණ ක්‍රියාත්මක නොකිරීම නිසා වෙඩි තැබීමට සිදු වූ බවයි ඇය කියා ඇත්තේ.
වෙඩි තැබීමෙන් අනතුරුව ඔහුට ප්‍රථමාධාර ලබා දුන් නමුත් ඇයට ඔහුව බේරා ගැනීමට නොහැකි වුණා.
NSW පොලිස් ප්‍රධානී Kevin Morton අද පැවසුවේ පැවසුවේ පොලිස් පරීක්ෂක ඇමී ස්කොට් කළ යුතු දේ ගැන සෑහීමකට පත්වන බවයි.
“මම ඊයේ රාත්‍රියේ සහ අද උදේ නැවත වරක් ඇයට කතා කළා. ඇය කිව්වා දිගු නින්දක් නැති රාත්‍රියක් බවයි” ඔහු සිඩ්නි හි වාර්තාකරුවන්ට පවසා තිබුණා.
වෙඩි වැදීමට පෙර සිදුකළ පිහි ප්‍රහාර හේතුවෙන් 40 හැවිරිදි ජොඑල් කවුචි විසින් සාප්පු සංකීර්ණයේ සිටි 6 දෙනකු මරා දැමූවා. ඊට කාන්තාවන් පස් දෙනකු සහ පිරිමියෙක් අයත් වුණා. තවත් බොහෝ දෙනකු තුවාල ලැබූ අතර, එම පිරිස අතරේ කුඩා බිලිඳකු සිටින බවයි මාධ්‍ය වාර්තා කියන්නේ.
ජොඑල් කවුචි වෙඩි තබා ඝාතනය කළ සිඩ්නි නුවර පොලිස් පරීක්ෂක ඇමී ස්කොට් වීරයකු යැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා. ඇය ඝාතකයාට වෙඩි නොතැබුවා නම්, තවත් බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත්වීමට ඉඩ තිබුණු බවයි සිඩ්නි පොලිසිය කියන්නේ.
ජොඑල් කවුචි එසේ ප්‍රහාරයක් එල්ල කිරීමේ හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පොලිස් පරීක්ෂණ දිගටම සිදුවෙන බව පැවසෙනවා.