ජනාධිපතිවරයා විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද සවස කැදවා ඇති සර්ව පාක්ෂික සමුලුවේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබදව සමගි ජන බලවේගය ප්රමුඛ පොදු විපක්ෂය ඒකමතික තීන්දුවක් ගැනීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඊයේ රාත්‍රියේ සජබය ප්රමුඛ පොදු විපක්ෂය පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවකදී තීන්දු තීරණ රැසක් ගැනීමට පියවර ගෙන ඇත.
එහිදී සර්ව පාක්ෂික සමුලුවේදී ආණ්ඩුව සුපුරුදු පරිදි යම් යම් දේශපාලන උප්පරවැට්ටි හෝ දේශපාලන ජිල්මාට් දැමීමට ආණ්ඩුව කටයුතු කළහොත් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට තීරණය වී තිබේ.
එහිදී ක්ෂණිකව ගත යුතු ක්‍රියාමාර්ග සහ පසුව ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබදවද අවසන් තීන්දුවක් ගැනීමටද සජබය ප්රමුඛ පොදු විපක්ෂය කටයුතු කොට ඇත.










