• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂයේ සියලුම පක්ෂ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් පෙරටුකොටගෙන හදිසි ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙයි! ජවිපෙ ඒකාධිපතීත්වය රට පුරා ව්‍යාප්ත කිරීමේ උත්සාහයක් ගැන අනතුරු ඇඟවීමක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 14, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
විපක්ෂයේ සියලුම පක්ෂ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් පෙරටුකොටගෙන හදිසි ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙයි! ජවිපෙ ඒකාධිපතීත්වය රට පුරා ව්‍යාප්ත කිරීමේ උත්සාහයක් ගැන අනතුරු ඇඟවීමක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය ප්‍රජාශක්ති නම් වැඩසටහනක් නිර්මාණය කර රටේ ගම් නගර දියුණු කිරීමේ දුප්පත්කම තුරන් කිරීමේ දැවැනත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පෙන්වා දෙන නමුත් මෙහි අන්තර්ගතය දෙස බලන විට දුප්පත්කම තුරන් කිරිමට වෙන් කළ මුදල ප්‍රමාණවත් නොවීමත් ඊටත් වඩා වැඩි මුදලක් ජනතාවගේ කර පිට බදු බර පටවා බදු ආදායම තුළින් රටේ ජනතාව හිංසනයට අසහනයට පීඩනයට ලක් කර ඇති බවත් මෙවැනි තත්ත්වයක් උඩ ප්‍රජා ශක්ති නමින් ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කිරීමේ දේශපාලන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුව හා එක්වෙමිනි. මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට හේතුව වූයේ රජය විසින් දිළිදුකම පිටුදැකීම වෙනුවෙන් යැයි කියමින් හඳුන්වා දුන් ප්‍රජා ශක්ති වැඩසටහන හරහා ජවිපේ මතවාදය බෙදාහැරීමට කටයුතු කිරීම ගැන දැනුවත් කිරිමටය.

මහජන නියෝජිතයන්ට ලැබිය යුතු වටිනාකම සහ ඔවුන්ගේ කාර්ය හරියාකාරව ඉටු කිරීම වළක්වාලමින් බාධා පමුණුවමින් ජවිපේ බිම්මට්ටමේ කාඩරයට මේ ප්‍රජාශක්ති සංවිධානවලට බහුතර බලය ලබා දෙමින් ක්‍රියාත්මක කරන බවත් මෙහි දී ක්‍රියාත්මක වන්නේ සමාජ සුබසාධන සංවර්ධන ව්‍යාපාරයක් නොව බිම්මට්ටම ජවිපේ දේශපාලනය‌ට ලක් කර පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ ග්‍රහණයට රටේ ග්‍රාමසේවා වසම් ලක් කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යෞවන සමාජයේ සිට සිවිල් ආරක්ෂක කමිටුවේ සිට අනෙකුත් ලියාපදිංචි නිත්‍යානුකූල බිම් මට්ටමේ සංවිධාන සියල්ලකගේම තනි බලය තනි අතට ලබා ගැනීමේ මේ ඒකාධිපති ක්‍රියාවලිය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ක්‍රියාත්මක කරන බවත් ළගදීම කුලගණ සමිතියේ සංයුතිය පවා ජවිපේ තීන්දු කරන තැනට පත් වන බවත් පැහැදිලිවම අද මේ ක්‍රියාත්මක කරන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් සහ එය යථාර්ථයක් බවට පත් කරන රාජ්‍ය වැඩපිළිවෙළක් බවත් මෙය තරයේ හෙලා දකිනවා සේම ප්‍රතික්ෂේප කරන බවත් ජනතා විරෝධී වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකර ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉඩකඩ අහුරන්න ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ඒකාධිපතීත්වය බැහැර කර මේ ප්‍රජා ශක්ති වැඩසටහන සියලුම ජාති ආගම් පන්ති පක්ෂ භේද නොසලකා ප්‍රජාව සවිබල ගන්වන වැඩසටහනක් බවට පත් කරන ලෙසත් මේ ඒකාධිපතිවාදය පරාජය කරන්න විපක්ෂය එකට එකතු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

සිංහල – මාධ්_ය නිවේදනයDownload
SendShareShare
Previous Post

අනුර ගැන පාකිස්තාන පාර්ලිමේන්තුවේදීත් ලොකු කතාවක් යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කෝටි 50ක සුපිරි නිවසක් හිමි ආණ්ඩුවේ ප්‍රබලයා කවුද ? චමින්ද විජේසිරි මේ ඇඟිල්ල දිගු කරන්නේ කාටද ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.