බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවමක් නියම කර සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කලේය.
ඔහුට 2020 වසරේ ජනවාරි මස 17 වනදා කොළඹ මහාධිකරණය මගින් වසර 15ක සිර දඬුවම් නියම කර තිබුනේ 2012 වසරේදී බාලවයස්කාර දැරියක් දූෂණය කලේ යයි එල්ල වූ චෝදනාවලට වරදකරු කරමිනි.
නමුත් ඊට විරුද්දව සාරුව ලියනගේ සුනිල් ඉදිරිපත් කරන ලද අභියාචනා පෙත්සමේ තීන්වු අද දිනයේ ප‍්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද දිනයේ මෙම තීන්දුව ලබා දී ඇත.










