කෘත්‍රිම බුද්ධිය හරහා තම ප්‍රතිරූපය සහ කටහඬ අනිසි ලෙස භාවිත කිරීමේ වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහජනතාව දැනුවත් කර තිබේ.Sri Lanka Latest News
සමාජ මාධ්‍යවල පළකළ සටහනක, සංගක්කාර ප්‍රකාශ කළේ, වංචාකරුවන් තම අවසරයකින් තොරව තමාට සමාන රුපයක් ඇතුළත් ව්‍යාජ දැන්වීම් සහ වීඩියෝ නිර්මාණය කිරීමට AI භාවිත කරන බවයි.
මෙම වංචනික දැන්වීම්වල ප්‍රවර්ධනය කරන නිෂ්පාදන සමඟ තමාට කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔහු අවධාරණය කරයි.
“රැවටෙන්න එපා. බෙදා නොගන්න. ඒවා වාර්තා කරන්න,” සංගක්කාර මහජනතාවගෙන් විමසිලිමත්ව සිටින ලෙසත්, ඕනෑම සැකසහිත අන්තර්ගතයක් වාර්තා කරන ලෙසත් ඉල්ලා සිටියි.










