දිවයින පුරා එළැඹෙන 15 වනදායින් පසුව Govpay හරහා රථ වාහන වැරදි සඳහා වන දඩ ගෙවීමට හැකියාව සලසන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.Sri Lanka Latest News
කොළඹදී ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා,
“15 වැනිදාට පෙර රටපුරා අවසන් කරනවා. Govpay හරහා Online හරහා දඩ ගෙවිය හැකියි. නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. රස්තියාදුවෙන්න අවශ්‍ය නෑ. රියදුරන් පොලීසියට මුදල් දෙන්න අවශ්‍ය නෑ. අල්ලස් දීම හා ලබාගැනීම වරදක්. අපරාධ නීතිය යටතේ කටයුතු කරනවා. පොලීසිය ඉදිරියේදී චෝදනාවන්ට ලක්වන එකක් නෑ.”










