සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් ගැබිනි මවුවරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ විටමින් වර්ගවල උග්‍ර හිඟයක් පවතින බවට මව්වරු චෝදනා කරති. (Sri Lanka Latest News)
තමන්ට මාස කිහිපයක් තිස්සේ කැල්සියම් පෙති සහ සහ විටමින් වර්ග නොලැබුණු බව ඔවුහු පවසති.
මේ හේතුවෙන් විටමින්, කැල්සියම් මෙන්න ඖෂධ වර්ග තමන්ට පිටතින් මිලදී ගැනීමට සිදුවන බවත් මව්වරු සඳහන් කරති.
මෙයට අමතරව ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා දැරියන්ට ලබාදෙන එච්.පී.වී. එන්නත වසරක් තිස්සේ නොමැති බවත් ඔවුහු සඳහන් කරති.
lankadeepa