වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. (Sri Lanka Latest News)
අද (08) රැස් වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වැඩබලන පොලිස්පති ධුරය පුරප්පාඩුව පැවති පසුබිමක නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා සිය ධුරයෙහි රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 27 වැනි දින ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පති ධුරයට පත් කෙරුණා.
ජනාධිපතිවරයාට පැවරී ඇති ව්‍යවස්ථාපිත බලතල යටතේ මෙම ධුරයට ජ්‍යේෂ්ඨ පොලිස්පතිවරයා පත් කෙරුණු අතර එහි පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්මයා විසින් පසුගියදා පිළිගන්වනු ලැබුවා.
ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් සේවා ඉතිහාසයේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස්පතිවරයා දක්වා ඉහළට පැමිණි පළමු නිලධාරියා වීම ද විශේෂත්වයක්.
ඔහු මානව සම්පත් කළමනාකරණය පිළිබඳව ද ව්‍යාපාර පරිපාලන උපාධියක් ලබා ඇත්තෙක්.
dasathalankanews









