යෞවන සමාජ සම්මේලන පිහිටුවීම සඳහා දිස්ත්‍රික්ක කිහිපයක පැවැති නිලවරණවලදී නව නිලධාරී මණ්ඩලවලට මෙන්ම එම උත්සවවලට සහභාගී වූ අමාත්‍යවරුන්ටද තරුණයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.Sri Lanka Latest News
අදත් එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර යෞවන සමාජ සම්මේලනවල නව නිලධාරීන් පවසන්නේ හිටපු නිලධාරීන්ගේ විරෝධය මතු වන්නේ ඔවුන්ගේ තනතුරු අහිමි වීම විසා බවයි.
ගම්පහ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය පිහිටුවීම නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ප්‍රදේශයේ හෝටලයකදී අද පැවැත්වුණා.
එහිදී එක් තරුණියක් නියෝජ්‍ය ඇමතිවරයාගේ අදහස් දැක්වීමට විරෝධය පළ කර තිබුණා.










