තෙමසකට ඉහතදී දැන හඳුනාගත් විවාහක කාන්තාවක සමග කොහුවල එස්. ද එස්. ජයසිංහ මාවතේ ලැගුම්හලකට පැමිණි පුද්ගලයකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් 17 වැනිදා අලුයම ඇද මත මියගොස් ඇතැයි පොලීසිය කියයි. (Sri Lanka Latest News)
එම කාමරයේ මේසයක් මත තිබී පෙති කිහිපයක් පොලීසිය මගින් සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි, 35 හැවිරිදි, එක් දරු පියෙකි. මියගිය පුද්ගලයා සිය නීත්‍යනුකූල බිරිඳගෙන් වෙන් වීම සඳහා නීති මගට පිවිස ඇති බව පොලීසිය කියයි.
විවාහක සැමියාගෙන් වෙන්වීම සඳහා නීති මගට පිවිස සිටින 33 හැවිරිදි කාන්තාවක් මිතුරියක මාර්ගයෙන් දැනහඳුනාගෙන තිබූ මියගිය පුද්ගලයා සමග 16 වැනිදා දහවල් ලැගුම්හල වෙත පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔවුන් දෙදෙනාම නින්දට යාමෙන් අනතුරුව 17 වැනිදා අලුයම 1.30ට මියගිය පුද්ගලයාට ඔක්කාරය සෑදී තිබූ අතර, කාන්තාව පිටට තට්ටු කර තිබූ බව පොලීසිය කියයි.
මඳ වේලාවකදී එම පුද්ගලයාගේ කටින් සෙම වෑහෙන්නට වූ අතර, ඇය ආධාර ඉල්ලා කෑගසද්දී ලැගුම්හලේ සේවකයන් සහ යාබද කාමරවල නැවතී සිටී අමුත්තන් ද පැමිණ ඇතැයි කියයි. 1990 ගිලන් රථයේ සෞඛ්‍ය සේවකයන් පැමිණ පරීක්ෂා කර බලා එම පුද්ගලයා මියගොස් ඇති බවට දැනුම් දී ඇත.
සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා නානායක්කාර මහතා පැමිණ මූලික පරීක්ෂණ පැවැත්වීය.
gossiplankanews










