11 හැවිරිදි ගැහැනු දරුවකු ස්කූටි යතුරුපැදියක නංවාගෙන ඉතා රහසිගතව හෙරොයින් අලෙවි කිරීමේ යෙදුණු කාන්තාවක් ඉංගිරිය ඌරුගලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. (Sri Lanka Latest News)
ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2.180කින් යුත් පැකට් 40ක් හමුවූ බවයි පොලිසිය පවසන්නේ.
සැකකාරිය එම හෙරොයින් ඌරුගල ප්‍රදේශයේ පුද්ගලයකුට ලබාදෙන බවත්, ඔහු එම මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරන බවත් පොලිසිය හෙළිකරගෙන ඇත.










