ඉදිරි දිනවලදී අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් පැමිණීමට නියමිත ව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.Sri Lanka Latest News
අද (08) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව හෙළි කළේය.
එම අනවසර සංක්‍රමණිකයින් පැමිණීම සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,
“මියන්මාර් අනවසර සංක්‍රමණියකන් 116ක් රටට අතුළු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් පවතිනවා. ඔවුන් මුදල් ගෙවලා තමයි මේ ජවාරමට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔවුන් එරට මුදලින් ලක්ෂ 500ක් පමණ ගෙවලා තියෙනවා. ඊට අමතරව මේ ගමනා ගමනය සඳහා රටේ මුදලින් ලක්ෂ 800ක් පමණ සංවිධායකවරුන්ටය ගෙවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පොලීසියෙන් විමර්ශනයක් කරගෙන යනවා.”
“ඔවුන් සරණාගතයින් ලෙස හඳුනාගන්නේ නම් ඒ අනුව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන්නත් අපි සූදානම්. මෙ වෙනකොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් කෑම බීම ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා අපි දීලාතියෙනවා.”
“දැනට පොලීසිය පවත්වාගෙන යන විමර්ශන අනුව සහ බුද්ධි අංශ වාර්තා කරලා තියෙන කරුණු අනුව මෙවැනි අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අපේ රටේ සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනාගන්නවා.”










