ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ඊයේ රාත්‍රී 11.00 ට පමණ ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ එකම පවුලේ සාමාජිකයින් හතර දෙනෙක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළි අනතුරක් සිදුවී තිබෙනවා.Sri Lanka Latest News
අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රී රෝද රථය තුළ එකම පවුලේ මව පියා සහ අවුරුදු හතරක් සහ අවුරුදු දෙකක් වයස ඇති දරුවන් දෙදෙනෙක් ගමන් කර ඇති අතර අනතුරෙන් මව සහ කුඩා දරුවන් දෙදෙනා සුළු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා
අනතුරට හේතුව වී ඇත්තේ රියදුරු පවසන ආකාරයට වංගු සහිත මාර්ගයක් හේතුවෙන් ත්‍රී රෝද රථය පාලනය කර ගැනීමට නොහැකි වූ බවයි සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වටවල පොලිසිය විසින් සිදු කරනවා















