වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13, 416ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.Sri Lanka Latest News
එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ ඩෙංගු මරණ 4ක් ද වාර්තා වී ඇති බවය.
කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වාර්තා වන බව සඳහන් වේ.
සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දින 2කට වඩා උණ පවතින්නේ නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයක් හමුවන ලෙසය.









