විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් අමාත්‍ය ධූරවලින් ඉවත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ බෙදීමක් මතුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මහින්ද අමරවීර මහතා කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කොට ඇති නමුත් නිමල් සිරිපාද සිල්වා මහතා ඊට විරෝධය පළ කොට ඇති බව දැනගන්නට තිබේ.
ඊයේ දින ආණ්ඩුව හරි මගට ගැනීම සදහා පැවැත්වූ සමුලුවට ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගීව සිටි අතර එහිදී ආණ්ඩුව දැඩිව විවේචනය කිරීමටද ඒ මහතා පියවර ගෙන තිබිණ.










