• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෙලිඅත්තේදී සමන් පෙරේරා ඇතුලු 5 දෙනකු මරාදැමීමේ සිද්ධිය ගැන ප්‍රධාන වෙඩික්කරුගේ බිරියගෙන් තංගල්ල මහේස්ත්‍රාත්වරයාට විශේෂ ප්‍රකාශයක්! ‌ඝාතනය ගැන තොරතුරු හෙළිකළාද? Sri Lanka Latest News

February 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
කළුතර පුද්ගලික පන්තියක සිසුවියන්ට අතවර කළ බවට චෝදනා ලැබූ ටියුෂන් ගුරාට ඇප! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු වූ   විශ්‍රාමික නාවික හමුදා සෙබල අජිත් ඉන්ද්‍රසිරි නැමැත්තාගේ බිරිය අද (13) තංගල්ල   තංගල්ල මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුරමාර හමුවේ විශේෂ රහස් ප්‍රකාශයක් ලබා දුන්නාය.

ඒ ඇය සිය නීතඥවරයා මගින් කළ ඉල්ලිමකට අනුවය.  ඇයද ඇතුළුව මේ සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගෙන සිටින   සැකකරුවන් 14 දෙනාගෙන් තිදෙනෙක් පමණක් අද අධිකරණය වෙත ඉදිරිපත්කර තිබුණු අතර ආරක්ෂාව පිලිබඳ සැලකිල්ලටට ගනිමින් ඉතිරි සැකකරුවන් ඉදිරිපත් කර තිබුණේ නැත. ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු පෙනී සිටියහ.

එහිදී සැකකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනි සිටි නිතීඥ ප්‍රවින් නානායක්කාර අධිකරණය හමුවේ මෙලස කරුණු ඉදිරිපත් කෙරුණි.

“ස්වාමිනී පළමු සැකකරු හැර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පළමු සැකකරුගේ පාපොච්චාරණය මතයි.ඒ හැරෙන්න වෙනත් කිසිදු සාක්ෂියක් මත නෙමෙයි මේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.එහෙම මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමෙන් මෙම සැකකරුවන්ගේ පුද්ගලික නිදහසට දැඩි අගතියක් සිදුවෙලා තියෙනවා.මේ නිසා මේ වන විට මෙම සැකකරුවන් දැඩි ශාරීරික හා මානසික පීඩාවකට පත් වෙලා ඉන්නේ.ඉන් ඔවුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංගණය වෙලා තියෙනවා.එනිසා මෙම සැකකරුවන් සැකකරුවන් ලෙස නම් කිරිමට මුලික වු සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ලෙස පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.“ යැයි පැවසිය.

එමෙන්ම මෙම නඩුවේ 13 වන සැකකාරිය ලෙස නම් කර සිටින ප්‍රධාන වෙඩික්කරුගේ බිරිද වෙනුවෙන් පෙනි සිටි නීතීඥ තාරක නානායක්කාර ද අධිකරණය හමුවේ මෙලෙස කරුණු ඉදිරිපත් කෙරුණි.

“ස්වාමීනි,මෙම අත්අඩංගුවට ගැනිම නිසා මගේ සේවාදායිකාවත් දැඩි ලෙස මානසික පිඩාවට පත් වෙලා ඉන්නේ.ඒ වගේම ස්වාමිනි මගේ සේවාදායිකාව අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් කිරිමට අද කැමැත්තෙන් සිටිනවා යැයිද පැවසිය.

නිතීඥ වරයාගේ කරුණු දැක්විමට අනුව මහේස්ත්‍රාත් වරයා සැකකාරියගෙන් ඒ පිළිබදව කල විමසීමේදී ඇය රහස් ප්‍රකාශයක් කිරිමට කැමැත්තෙන් සිටින බව අධිකරණයට පැවසුවාය. ඒ අනුව ඉදිරිපත් වු කරුණු සළකා බැලූ තංගල්ල මහේස්ත්‍රාත් වරයා සැකකාරියගෙන් රහස් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර ලබා දුන්නා.

එමෙන්ම සැකකරුවන් පෙනි සිටි නිතීඥවරුන්ගේ කරුණු දැක්විම කෙරෙහිද අවධානය යොමු කල මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් සැකකරුවන් ලෙස නම්කිරිමට මුලික වු සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද බෙලිඅත්ත පොලිසියට මෙහිදී නියෝග කෙරුණා.

අධිකරණය ඉදිරියේ ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බලා සැකකරුවන්  ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

දැනට හෙළිදරව් වී ඇති ආකාරයට අපරාධය  මෙහෙයවා ඇත්තේ  ඩුබායි රාජ්‍යයේ සැඟවසිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාතාල නායකයෙක්වන කොස්ගොඩ සුජීගේ අනුදැනුම මත ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින හරේන්ද්‍ර ගුණතිලක හෙවත් බූස්සේ  හර්ෂ නැමැති පුද්ගලයෙක් විසින් කළ මෙහෙයවීමකින් මෙම ඝාතනය සිදුවූ බවය.

රට තුළ අපරාධය සම්පූර්ණයෙන්ම සැලසුම් වන්නේ සිංහරෙජිමේන්තුවේ හිටපු මේජර්වරයෙක් වූ නිශාන්ත ඩයස් නැමැත්තෙක් විසිනි.

මෙම සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු  කළ  අජිත් ඉන්ද්‍රසිරි නැමැති විශ්‍රාමික නාවික සෙබලා අපරාධය කර දින කීපයකින් ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් තිබිණි.

ඝාතනය සම්බන්ධව ඔහුගේ බිරිය සහ බිරියගේ පියා මෙන්ම ඝාතනයට ආධාර අනුබල දීම ගිනි අවි ප්‍රවාහනය කිරීම ඇතුලු චෝදනාවලට අවස්ථා කීපයක දී සැකකරුවන් 14 දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබිණි

lankasara

SendShareShare
Previous Post

කතානායකත් අත්සන් කරපු ඔන්ලයින් පනතට කැබිනට්ටුවේදී තවත් සංශෝධන 30කට වැඩි ගාණක් අරන් එයි! සංශෝධන කරන්න තවත් මාසයක් විතර යනවලු! Sri Lanka Latest News

Next Post

රනිල් සමන්තා සාකච්ඡාවක්! අනුර කාමෙන් සාකච්ඡාවක්! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!
Exclusive

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මේ වන විට උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපෑම් එල්ල කර...

Read more
ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.