වත්මන් පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් රට විශාල අගාධයකට ගමන් කරමින් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
”බරපතළ ලෙස කඩා වැටී ඇති දේශය ගොඩනැගීම උදෙසා වූ ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන” වැඩසටහනේ හමුවක් විපක්ෂ නායක කාර්යාලයේ අද (04) පැවැති අතර, එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, වෛද්‍ය රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, සී.වී. විග්නේෂ්වරන්, පී. දිගම්බරම් යන මහත්වරුන් ඇතුළු ඇතුළු දේශපාලන නායකයන් රැසක් සහ වික්ටර් අයිවන්, කේ.ඩබ්. ජනරංජන, ගාමිණී වියන්ගොඩ, රොහාන් සමරජීව යන මහත්වරුන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.














